අපි ඔක්කොමල කැමති හින්ද මේවැඩේ ගැන කතාකර ගම්මු..පැවසූ අපේ තාත්තා....තිලිනි දුව තවම ඉග්නගන්න හින්ද වෙඩින් එක උපාධිය ගත්තට පස්සෙ ගම්මු.....ඊට ඉස්සෙල්ල කසාදෙ රෙජිස්ටර් කරමු....තව දුරටත් කීවේය.....ඒක හොදයිනේද තරන්ග පුතේ....තරන්ගගේ තාත්තා ඔහුගෙන් ඇසුවේය.....ඒක ඉතින් ඔයාලගෙ කැමැත්තක්.....ඔහුගේ පිලිතුර විය. මෙයාලනම් අදම උනත් වෙඩින් එක ගන්නවට කැමති වෙයි......තරන්ග අයියාගේ අම්මා තරන්ග දෙස බලා විහිලුවට කීවාය......මටනම් හිතෙන්නෙ පුතාට වඩා අම්මටයි ලේලිව ගෙදරට ගන්න ඕනැ වෙලා තියෙන්නෙ......අපේ අම්මා සිනාසෙමින් කීවාය.......ලේලි නෙවෙයි මගේ දුව නේද තිලිනි......තරන්ගගේ අම්මා මාදෙස බලා කීවාය.
අම්මාලා සහ තාත්තලා තව දුරටත් කතාකර ගැනීමට ඉඩදුන් තරන්ග අයියා මා සමග එලියට ගියේය.....ඔන්න අපේ ගැටලු ඔක්කොම ඉවරයි......ඔහු මගේ අත තදින් අල්ලාගෙන කීවේය......ඒකොහොමද ගැටලු එන්නෙ මීට පස්සෙ......මා කීවෙමි......ඒ මොනවද.....ඔහු මා දෙස බලා පුදුමයෙන් මෙන් ඇසුවේය.....ඇයි අනේ දන්නෙ නැද්ද....පැවසූ මා....වෙඩින් සාරි බලන්න ඕනැ හොද සැලුන් එකක් බලන්න ඕනැ......රත්තරන් බඩු ගන්න ඕනැ.....මා ගහැනියෙකුට ආවේනික දේවල් කියාගෙන යන්ට විය....අම්මෝ මෙයා ගිහින් තියෙන දුර.....ඒවට තව අවුරුද්දක් විතර කල් තියෙනවනෙ......ඔහු කීවේය.......අවුරුද්දක් තිබුනත් දැම්ම තියා ප්ලෑන් කරගන්න ඕනැනෙ.....මා කීවෙමි.....මටනම් ඔය කිසි ප්ලෑන් එකක් නෑ.....මට තියෙන්නෙ අපේ හනිමූන් එකට හොද හෝටල් කාමරයක් හොයාගන්න එක විතරයි. .....මෙයා හිතෙන දේවල්.....කොල්ලො ඔහොම්මමයි......මා උරහිස ගස්සා කීවෙමි.......ඇයි කොල්ලො ඔහොමමයි කිව්වෙ....ඔහු ඇසුවේය.........මම දන්නවනෙ කෙල්ලො දකින කොට කොල්ලන්ට හිතෙන දේවල්........මාත් ඉතින් කොල්........පිටකිරීමට ආ වචනය ගිලගත්තෙමි....මා දෙස බලා සිනාසුනු අයියා.......මොකද නැවැත්තුවෙ.....මාත් ඉතින් කොල්ලෙක් වෙලා හිටියනෙ කියන්නනෙ ගියේ.....පැවසුවේය.....ශික්...ඕව මතක් කරන්න එපා..... මම ඉපදිච්ච දවසෙ ඉදන් කෙල්ලෙක්.....මගේ පිරිමි අතීතය සිහිකිරීමට අකමැතිවූ මා පැවසුවෙමි......ඔහු කතාවෙන් කතාවෙන් මාව කිසිවෙකුට නොපෙනෙන තැනකට රැගෙන ආබව තේරුනේ......එදා මෙන් ඔහුගේ දැඩි අත්වලින් මගේ සිරුර තදින් බදාගෙන මුහුන සිපගන්නා විටය......අනේ අයියෙ කවුරු හරි දකියි....මා ඔහුගෙන් මිදී යෑමට උත්සාහ දරමින් කීවෙමි......මෙතැන කාටවත් පේන්නෙ නෑ ලමයො....පැවසූ ඔහු මාව තවදුරටත් සිපගන්ට වූවාය........මොනව කරනවද මන්ද මගෙ සාරියත් පොඩිවෙනව කොන්ඩෙත් අවුල් වෙනව.....තවදුරටත් ඔහුගේ උනුසුමේ පහස විදීමට මගේ සිත තුල දැඩි ආශාවක් ඇතිවූවද ගැහැනු ලමයෙකු වශයෙන් මගේ සිත තුල ඇතිවූ ලැජ්ජා සහගත හැගීම ඊට වඩා ප්රබල විය......

No comments:
Post a Comment