.මෙයාල කීයට එයිද මන්ද දැන්නම් මට මේවිදියට ඉන්න එක හරිම කරදරයක්. ආයෙත් ඉන්දිකා වෙනකන් ඉවසන්නත් බෑ....සිතූ..මා නැවත කලිසම සහ කමිසය ඇදගෙන සාලයට ගොස් ඔව්න් පැමිනෙන තුරු බලා සිටියෙමි. ඔවුන් ගොස් දැනට පැයක් පමන ගතවී ඇතිබව දුටුවත් එය පැය කිහිපයක කාලයක් මෙන් දැනුනි.....අනේ එයාල ඉක්මනට එනවනම්......මා නොයිවසිලි වන්තව වරින් වර ජනේලයෙන් පාර දෙස බැලුවෙමි......තවත් පැයක් පමන ගතවිය වෙලාව රාත්රී අටත් පසුවී ඇතත් මා දැන් කොල්ලෙකු නිසා රාත්රී මා තනියම සිටීම එතරම් කරුනක් නොවනබව දන්නා සීයා ආපසු පැමිනීමට උනන්දුවක් දක්වන්නේ නැතිබව මට සිතුනි......කුසල්ටද ගෙදර යෑමට එතරම් ගැටලුවක් නොවන්නේ ඔහු මෙහි පැමිනි විගස නැවත කොල්ලෙක් බවට පත්වෙන නිසාය.....ගේට්ටුව අරින ශබ්දය ඇසුනු මා දොර ඇරියෙමි.....ඔවුන් ගිය වාහනය නැවත පැමිනෙමින් තිබුනි......ගේ අසල නැවැත්වූ වාහනයෙන් කුසල් ඉන්දිකාගේ ස්වරූපයෙන් වාහනයෙන් බසිනු දුටු මට ඉවසුම් නොදෙන සතුටක් විය.......මා ඉක්මනින්ම සීයාගේ පරීක්ශන කාමරයේ දොර ඇරියේ ඉක්මනින් ඉන්දිකා බවට පත්වීමටය....කුසල් ඉන්දිකා මෙන් ගෙට ගොඩවී මා ඇරතිබුනු දොරෙන් කාමරයට ඇතුලුව සිරුරු මාරුකරන පුටුවේ වාඩිවුනේය......අනේ සීයේ ඉක්මනට මැෂින් එක ඔන් කරන්න.......ගෙට පැමිනෙන විටම සීයාට පැවසූ මා අනිත් පුටුවේ වාඩිවුනෙමි......මේ දෙන්නට පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ.....පැවසූ සීයා මැසිම පනගැන්නුවේය. .....දාඩියත් දාල...කී සීයා..පත්තර කොලයක් ගෙන පවන් ගසමින්...... කොහේද මට ගෙට ගොඩවෙලා ඇදුන්වත් මාරුකරගන්න ඉඩ දුන්නෙ නෑනෙ.......මා දෙස අමනාපයෙන් බලා පැවසූ සීයා.......මැසිම පරීක්ශා කරන්ට විය.....ඔන්න දැන් හරි.....දෙන්නම වාඩිවෙලානෙ ඉන්නෙ.....අපිදෙස බලා පැවසූ සීයා.....ලිවරය ඉස්සුවේය......සුලු වෙලාවක් අසිහියෙන් මෙන් සිටි මම ඇස් ඇර බලන විට මා අසල පුටුවේ කුසල් වාඩිවී සිටින බව දුටුවෙමි.....මෙතෙක් වෙලා අපහසුවෙන්සිටි මගේ සිරුරටද සුව පහසුවක් දැනෙන්ට විය. මා නැවත ඉන්දිකා බවට පත්වී ඇතිබව දුටු මට සතුට තවත් වැඩිවිය.......පුටුවෙන් නැගිට්ට කුසල් ...අම්මෝ ඇති යන්තම් කොයිවෙලාවෙ ගැහැනු කමෙන් ගැලවෙන්නද කියල හරිම අමාරුවෙන් හිටියෙ......ඔයා විතරක් නෙවෙයි මාත් අමාරුවෙන් බලාගෙන හිටියෙ මේ කැත පිරිමි සිරුරෙන් මිදිල ලස්සන කෙල්ලෙක් වෙන්නෙ කොයිවෙලාවෙද කියල......කැත....මාදෙස අමනාපයෙන් මෙන් බලා කී කුසල්.....මෙච්චර කඩවසම් කොල්ලෙකුට කැතයි කියනව.....ඔහු සිරුර පෙන්වමින් කීවේය......සොරි කුසල්.....ඔයා කඩවසම් තමයි ඒත් දැන් මට ඔය සිරුර තුල ඉන්න ආස නෑ ඒකයි මට එහෙම කියවුනේ..... පැවසුවෙමි.. හරි... හරි.... එකට අවුලක් නෑ..... මා දෙස බලා සිනාසෙමින් පැවසූ කුසල් ....එහෙනම් මම ගිහින් එන්නම්... දැන් අම්මලත් බලාගෙන ඇති පවසා ගෙදර යෑමට පිටත් විය......අපොයි යන්තම් අද දවස ගෙවුන..... තව කීපාරක් මට කොල්ලෙක් වෙලා ඉන්න වෙයිද දන්නෙ නෑ නඩුව උසාවියට දැම්මට පස්සෙ පස්සෙ.....මා කොල්ලෙක් බවට පත්වීමේ වීමේ නොසතුටෙන් කල්පනා කලෙමි.......

No comments:
Post a Comment