ගැට ගසා තිබුනු කොන්ඩය උනාදැමූ මා හිස ජල කරාමයට ලන්කලෙමි. වෙනදාමෙන් ජල දහරාව දිගු කෙස්වැටිය දිගේ පහලට ගලා ගියේ සුන්දර දිය ඇල්ලක් සිහිගන්වමිනි.....සිරුර තෙත්කරමින් ජලය ගලා යනවිට වෙනදා නොතිබුනු සැපවත් බවක් ගෙනදෙන්ට විය.....ඇයි අද නානකොට මෙච්චර සනීප දැනෙන්නෙ......මා කල්පනා කලෙමි.....මා මෙතෙක් කලක් මෙසේ නෑවේ අනුන්ගේ සිරුරක සිට බව හැගීමක් තිබුනු බැවින් අද මෙන් එදා මෙලෙස සිරුරේ සුන්දරත්වය අත් විදින්නට නොලැබෙන්න ඇති.....මට සිතුනි.....දැන් මට හිතෙන්නෙ මමයි ඉන්දිකා කියල....මට තිබුන ඒ පිරිමි සිරුර සදහටම තියාගන්න කියල එයාටම දුන්න....මට කවදාවත් ඒක එපා......මට ඉන්දිකා වෙලාම ඉන්න ඕනැ.....මේ ගැහැනු ජීවිතේ කොච්චර සුන්දරද කියල දැන් තමයි මට තේරෙන්නෙ.....මා නාන අතර තුර සතුටින් නටන්න වුනෙමි.....මට දැන් පියාබන්න තරම් සැහැල්ලුවක්දැනෙනව ....දෑත් දෙපසට කරමින් පියාබීමට උත්සාහ කලෙමි.
නා අවසන් උනු මා ගෙන ආ අලුත් ඇදුම් ඇද. ඇදසිටි ඇදුම් සේදීම සදහා රෙදි සෝදන මැසිම තුලට දැමුවෙමි. කාමරය තුලට ගිය මා ඉන්දිකාට ගෙන ඇවිත් තිබුනු සෙන්ට් කුප්පිය ඇගේ තවරාගෙන මුහුනෙ පවුඩර් දමා තොල්පෙතිවලද තොල්සායම් සුලු ප්රමාණයක් තවරා ගත්තෙමි.....ඉන්පසු නිය පොලිශ් ද ආලේපකර ගත්තෙමි.....මා මින්පෙර මේවා නොකලත් අද ආශාවෙන්ම මේවා කරන්නේ මා දැන් නියම ගැහැනු ජීවිතයට අවතීරනය වී ඇති නිසා බව මට වැටහුනි. කෙල්ලෙක් උනාම කොච්චර ලස්සනට ඉන්න පුලුවන්ද.....අපරාදෙ මෙච්චර දවසක් මගේ මෝඩකමට ආපහු කුසල් වෙන්න ඕනැ කියල හිත හිතා හිටියෙ.....මට තිබුනු ඒ මෝඩ අදහස හින්ද කුසලුත් කොච්චර විදවන්න ඇද්ද....අනේ පව් එයාටත් ඕනැවෙලා තිබුනෙ හැමදාම කොල්ලෙක් වෙලා ඉන්න.....මා කල්පනා කලෙමි. හොදින් හැඩවැඩවූ මා කාමරයෙන් එලියට ගියෙමි. සීයා හාන්සි පුටුවේ වාඩිවී පොතක් කියවනු දුටු මා සතුටින් ඇග කරවකවමින් ඔහු අසලට ගියෙමි....පොතින් ඇස්දෙක අහකට ගත් ඔහු මා දෙස බලා හොදින් බලා මගේ හිසේ සිට පහලටත් පහල සිට උඩටත් බලනු දුටුවෙමි........දුව මේ කොහේ යන්නද....අනතුරුව ඔහු ඇසුවේය.....කොහේවත් යන්න නෙවෙයි සීයෙ.....පැවසූ මම සීයා අසල තිබුනු පුටුවේ වාඩිවුනෙමි.....එහෙනම් කවදාවත් නැතුව ලස්සනට ඇද පැලදගෙන ඉන්නෙ.......ඔහු ප්රස්නකලේය......ඔහු මෙසේ ඇසුවේ මා මෙතෙක් කල් මෙලෙස ලස්සනට ඇද පැලද නොසිටි නිසාබව මට තේරුනි.....මා මෙතෙක් කල් කුසල් වීමට සිතා සිටි බැවින් ගැහැනු ජීවිතය ගැන එතරම් තැකීමක් නොතිබුනි.....අදින්නම් වාලේ ඇන්දා මිස ලස්සන හෙව්වේ නැත.....මේ නිසා යෙහෙලියන්ද මට හිනාවුනුවාර මට මතක් විය.......මොකක්ද බන් උබේ සායයි බලවුස් එකයි කිසිම ගලපීමක් නෑනෙ.......උඹට ඇදුමක් වත් ගලප ගන්න තේරෙන්නෙ නැද්ද....ඔවුන් පැවසූවිට.....ලස්සනට ඇන්දයි කියල වැඩක් නෑනෙ බන් ...ගතිගුන හොදනම් එච්චරනෙ......මම එයින් ගලවීමට උත්සාහ ගත්තෙමි........ගතිගුන විතරක් නෙවෙයි.....කෙල්ලෙක් උනාම හොදට අදින්න පලදින්නත් ඕනැ......ඔවුන් මට නිතර අවවාද දුන් බව සිහි විය.
සීයේ දැන් මම සියගෙම දුවනෙ.....සියාගේ මුහුන සිපගත් මා පැවසුවෙමි.......පරක්කුවෙලා හරි ඔයා ගත්ත තීරනය හරි දුවේ.........එයා ඒ දවස්වල හිටියෙ කොල්ලෙක් වගේ ගැහැනු ලමයි කරන කිසිම වඩක් කරන්න එයාගෙ කැමැත්තක් තිබුනෙ නෑ.....දැන් මට හිතෙනව දැන් තමයි මට නියම දුව හම්බවුනේ කියල....... පැවසූ සීයා......ඇයි අද ලස්සනට ඇද පැලදගෙන.....මගෙන් ඇසුවේය......මම අද තමයි හිතා ගත්තෙ සීයෙ ඉන්දිකා වෙලාම ඉන්න ඕනැ කියල......මට උරුම වෙලා තියෙන්නෙ ගැහැනු කම වෙන්න ඇති ඒ හින්ද තමයි අවසානයේ හරි එහෙම හිතෙන්න ඇත්තෙ .......මා පැවසුවෙමි........ඒක හරි කවද හරි දවසක තමාට හිමි උරුමය තමන්ට ලැබෙනව..කී සීයා....දැන් දුව කියන්න බලන්න ගැහැනු ලමයෙක් උනාට දුව කැමතිද කියල...... ඇසුවේය......කැමති හින්දනෙ සීයේ මම මේ විදියට ලස්සනට ඉන්න හිතාගත්තෙ......දැන් මම හැමදාමත් ඉන්දිකානෙ සීයේ.... පැවසූ මම....සීයා ඉදිරියේ දගකාර කෙල්ලෙක් මෙන් සතුටින් කැරකෙන්ට විය.....ගැහැනු ලමයෙක් උනාම ටිකක් සන්වරත් වෙන්න ඕනැ.......මගේ දගකාර හැසිරීම නිසා සීයා අවවාද දුන්නේය......සොරි සීයේ.....මා නැවත සීයාගේ මුහුන සිප කාමරයට ගිය මා ....හෙට නැවත කැම්පස් යෑමට තිබෙන බැවින් හෙට උවමනා දේවල් ලෑස්ති කිරීමට පටන් ගත්තෙමි.........

No comments:
Post a Comment