උදෑසන දහම් පාසැල් ගිය මම ගැහැනු ලමුන් ඇද සිටි ළමා සාරි දෙස බලමින් මගේ සාරිය සහ එමසාරි සන්සන්දනය කරමින් කුමක් ලස්සන දැයි කල්පනා කලෙමි.......ඔවුන් ඒවා ඇද සතුටින් සිටින අයුරු දුටු මට ඊයේ රාත්‍රියේ මාද එම ඇදුම් ඇද සතුටින් සිටි අයුරු සිහිපත්කලෙමි........ඔයාල විතරක් නෙවෙයි මමත් ඔයවගේ ළමා සාරි ඇදගෙන ඉදල තියනව......ඔයාල ඒව ඇදගෙන විදින ඔය වින්දනය මාත් විදල තියෙනව.......මා ඔවුන්ට සිතින් පැවසුවෙමි.
අද දිනද ගෙදර ගිය හැටියෙම වගේ නාගත් මා කෑම ගත්තෙමි........මොකද පුතේ බඩගිනි හැදුනද කවදාවත් නැතුව ඉක්මනට බත්කන්නෙ.....වෙනදා කෑම ගන්නා වේලාව දෙක පමන වන අතර අද මා ඉක්මනින් කෑම ගැනීම ගැටලුවක් වූ අම්මා ඇසුවාය.....නෑ අම්මෙ ඉක්මනට කාල දෙබස් ටික පුහුනු වෙන්න ඕනැ ......නැත්නම් හෙට සර්ගෙන් බැනුම් අහන්න වෙයි....අම්මාට එසේ පැවසුවත්.....ඉක්මනින් නා කෑමගෙන මා සැරසෙන්නේ කෙල්ලෙක් මෙන් සැරසී සිටීමට බව දන්නේ මා පමනි. ........ඒක ඇත්ත ඔය වරද්දන තැන් ඉක්මනින් හදා ගන්න........අම්මා කීවාය. කෑම ගෙන අවසන් කල මා කාමරයට ගොස් කෙල්ලෙක් මෙන් සැරසී දෙබස් කීවෙමි.........පුතේ මම යනව මල්ලිව පන්තියට දාන්න උයන ඇන්ටිත් ගෙදර ගියා......කවුරුවත් නැති හින්ද පිට කෙනෙක් ආවට දොර අරින්න එපා......මට උපදෙස් දුන් ඇය....මල්ලී සමග වාහනයට නැග්ගාය.........සාලයේ සැටියේ වාඩිවූ මා කෙල්ලෙක් මෙන් හැසිරෙන්ට වූවෙමි.......නිවස පුරා ඇවිදිමින් කෙල්ලෙකුගේ හැසිරීම් රටාව ආරූඩකර ගත්තෙමි.......කෙල්ලෙක් මෙන් සිතීමට පටන්ගත්තෙමි........අනේ මෙහෙම ඉන්න කොට පුදුම සනීපයක්නෙ තියෙන්නෙ.........කොල්ලෙක් උන මට මේතරම් සනීපයක් තියෙනවනම් කෙල්ලෙක් වෙලාම උපන්නනම් මොනතරම් සනීපයක් දැනෙයිද.....එයාලට අපිට වගේ දිග පුරුෂ ලින්ගෙයි......පොඩ්ඩක් හයියෙන් මොකක් හරි වැදුනොත් මැරෙන්න තරම් වේදනාවක් එන බෝල දෙකයි නැති හින්ද හරිම සැහැල්ලුවක් දැනෙනව ඇති.......දිනක් පාසැලේදී කොල්ලෙක් එල්ල කල පා පහරක් වැදී මැරෙන්න තරමට වේදනාවක් ඇතිවූ බව මතක්වූ මා කල්පනා කලෙමි.......දැනට දෙබස් නොකිය කෙල්ලෙක් මෙන් හැසිරුනත් අම්මා පැමිනෙන විට දෙබස් කියයුතු බව දන්නා මා දෙබස් ලියා ඇති කොල ටික ලග තබා ගත්තෙමි......අම්මා පැමිනි බව දුටු මා කෙල්ලෙක්මෙන් ඉග පද්දමින් ගොස් දොර ඇරියෙමි........තාමත් පාඩම් නැද්ද......ගෙට ගොඩවූ අම්මා ඇසුවාය........දැන්නම් ටිකක් පාඩම් තව චුට්ටක් තියෙනව......මා පැවසුවෙමි.......හරි හරි ඔය කාමරේට වැදිල ඉන්නෙ නැතුව මේ සාලෙට වෙලා පාඩම් කරන්න අද ඔයාව දකින්න කවුරුවත් නෑනෙ........අම්මා මට සාලයට වී පාඩම් කරන ලෙස පැවසුවාය......මා සැටියේ වාඩිවුනෙමි.......අම්මාද මා අසලින්ම වාඩිවී මා දෙස බලා සිටියාය........මොකද අම්මෙ .....දෙබස් නැවැත්වූ මා ඇගෙන් ඇසුවෙමි.........මම බැලුවෙ ඔයා දැන් ඇත්තම කෙල්ලෙක් වගේමයි......ගමන බිමන හැසිරීම කටහඬ මේ ඔක්කොම කෙල්ලෙක් වගේමයි.......මටත් දැන් ඔයාව දැක්කම දුව කියල කතා කරන්න හිතෙනව..පැවසූ ඇය මගේ කරට අත දමා මාව ඇගේ ඇගට තුරුලුකර ගත්තාය.......කමක් නෑ අම්මෙ ඔයාගෙ කැමැත්තක් .....අම්මාගේ උනුසුම හොදින් විදගනිමින් මා සෙමින් මිමිනිවෙමි........මොනවා ඔයා කැමතිද ඔයාට දුව කියල කතාකරනවට......ඇය පුදුමයෙන් ඇසුවාය......අම්ම කැමතිනම් මට දුව කියන්න......මට ගැටලුවක් නෑ......මා නැවත කීවෙමි......මා එසේ පවසන විට මාව තවත් තුරුලුලට ගත් ඈ.....මගේ උරහිස සෙමින් අතගාන්ට වූවාය.........මාත් කැමතියි ඔයා ගැහැනු ළමයෙක් විදියට තියාගෙන දුව කියල කතාකරන්න.....ඒ වුනාට ඔයා පිරිමි ලමයෙක්නෙ පුතේ......ඔයා කවද හරි කොල්ලෙක් විදියට මේ සමාජෙට මුහුන දෙන්න ඕනැ......ඔයාට ගෑනු ගති පුරුදු කරල ගෑනු ලමයෙක් විදියට හදාගත්තොත් මටයි ලෝකය දොස් කියන්නෙ......ඒක පිරිමි ලමයෙක් උන ඔයාටත් හොද නෑ.......සමාජයෙන් නොයෙක් ගැරහුම් වලට ලක්වෙයි......පිරිමි ලමයි පිරිමි විදියට හැදෙන්න ඕනැ ගැහැනු ලමයි ගැහැනු විදියට හැදෙන්න ඕනැ.......ඒකයි මේ සමාජෙ නීතිය......ඔයාගෙ නාට්ටිය හින්ද මේදවස් ටිකේ ඕනැතරම් ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්න ....ඒකට කමක් නෑ.......අම්මා පවසන්ට වූවාය........ඉතින් දෙබස් ටික කියවන්නකො........දුවේ ......අම්මා සිනාසෙමින් පැවසුවාය..........මා ඇගේ තුරුලේ සිටිමින් දෙබස් කියවන්ට උනෙමි..........දැන්නම් ටිකක් පාඩම් වගේ නේද.......අම්මා ඇසුවාය......ඒ වුනාට සමහර වෙලාවට වරදිනව අම්මෙ......මා කීවෙමි........වරදිනවද ඕනැවට වරද්දනවද.......අම්මා මගේ උප්පැරවැට්ටිය තේරුම් ගත්තාක් මෙන් ඇසුවාය........හරි වැඩේ අම්ම මගේ වැඩේතෙරුම් අරගෙන වගේ......දැන් ඉතින් මට ආයෙත් ගවුන් අදින්න දෙන එකක් නෑ.......මා කනගාටුවෙන් කල්පනා කලෙමි.......ඒක තමා අම්ම මට තේරුම් කරල දුන්නෙ පිරිමි ලමයින්ට ගෑනු ගති හුරු කරන්න හොද නෑ කියල........මගේ සිහින ලෝකය එහෙම පිටින්ම බිද වැටෙන්ට විය.....

No comments:
Post a Comment