
Thursday, January 19, 2017
නත්තල් තෑග්ග(39 කොටස)............................අමදා මා පසුපසින් පැමිනෙනු දුටු මම ඇය දෙසට හැරී.....අමදා ඔයා එන්න එපා ඔයා ලගට නෑවිත් මට පේන්න ඉන්න සිස්ට කිව්වෙ එයාට මාව විතරක් තනියෙම හම්බවෙන්න ඕනැ කියල.....මා එසේ පැවසූ විට ඇය එතැන නැවතුනාය.....මා සිස්ටට පසුපසින් ගමන් කලෙමි.....කිසිවෙකු නොමැති ස්තානයක නැවතුනු ඇය මට අඩගසුවාය......ඇගේ වයස අවුරුදු විසිපකට වඩා පෙනුමක් නොතිබුනු අතර ඇය ඉතා රූමත් තැනැත්තියක් බව ඇය දෙස බැලිමෙන් දුටුවෙමි.....කවදාවත් දැකල නැති මේ සිස්ට මොකක්ද මට කියන්න හදන්නෙ.....මා චකිතයෙන් යුතුව ඇය අසලට ගියෙමි.....පියකරු සිනාවකින් මුවසරසාගත් ඇය....ගිය වුරුද්දෙ මේ වෙලාවෙම නිරෝශ්ට තෑගි පාර්ශලයක් ලැබුන මතක නේද? ..ඒ ඇදුම් ඇන්දට පස්සෙනෙ ඔයාව නිරෝෂා බවට පත්වුනේ.....ඇය මෙසේ පැවසූ විට.... එහෙමයි සිස්ට......මම කීවෙමි.....ඔයාව නිරෝෂා බවට පත්කලාට ඔයාගෙ විරුද්දත්වයක් නෑ කියල දෙවියන් වහන්සේට තේරිලා තියෙනව. ඒ හින්ද අද ඔයාට තව තෑග්ගක් දෙන්න කියල මාව එව්ව......පැවසූ ඇය.....කුඩා පෙට්ටියක් මට පෙන්නුවාය....මෙන්න මේක තමා ඔයාට දෙන්න ගෙනා තෑග්ග.....මේකෙ ඇතුලෙ තියෙන්නෙ මුද්දක් මේ මුද්ද ඇගිල්ලට දාන්න ඉස්සෙල්ල ඔයාගෙ අනාගතේ ගැන හුගක් කල්පනා කරන්න ඕනැ.....ඒ හින්ද මේක ගත්ත කියල කලබලේ ඇගිල්ලට දාන්න එපා....ඇය පැවසුවාය......ගිය සැරේ ෆාදර් කෙනෙක් මට ඇදුම් පාර්සලයක් දීල මාව ගැහැනු ලමයෙක් බවට පත්කලා.....අද මේ සිස්ට මේ මුද්ද දීල මාව මොනවගේ කෙනෙක් බවට පත්කරයිද ....ඇය කුඩා පෙට්ටිය හැර පෙන්වූ මුද්ද දෙස බලාගෙන මා කල්පනා කලෙමි.....නැවත පෙට්ටිය වැසූ ඇය එය මට දුන්නාය......එය අතට ගත් මා.....මේක දාගත්තම මට මොකක් වෙයිද සිස්ටර්......මා ඇසුවෙමි....මේක දැම්මම ඔයාට කිසිදෙයක් වෙන්නෙ නෑ......ඇය පැවසුවේය......එහෙනම් සිස්ටර් කිව්වෙ ඇයි හොදට හිතල බලල ඇගිල්ලට දාන්න කියල......මම ඇසුවෙමි.....මම කිව්වෙ මේක ඇගිල්ලට දැම්මම ඔයාගෙ ඔය ගැහැනු බව ස්තීර වෙනව.....ආයෙත් නිරෝෂ් බවට පත්වෙන එක නවතිනව.....ඇය එසේ පැවසූ විට සතුටින් ඉපිල ගිය මම..... අනේ එහෙනම් කොච්චර දෙයක්ද සිස්ටර් මාව නිතරම නිරෝෂ් වෙන එක නවත්වන්නෙ කොහොමද කියල හිත හිතා හිටියෙ......සිනාසෙමින් පැවසුවෙමි.....ඒ වුනාට කලබල වෙලා මේක ඇගිල්ලට දන්න එපා මේක අරගෙන ගෙදර ගිහින් ඔයා කැමති ජීවිතේ තෝරගන්න....ආයෙත් නිරෝෂ් බවට පත්වෙන්න හිතේ තියනවනම් මේ මුද්ද අයින් කරන්න.....නිරෝෂ් වෙන එක සදහටන නවත්ත්වගන්න ඕනැනම් විතරක් මේක දාගන්න......මේක කොච්චර වෙලා දාගෙන ඉන්න ඕනැද සිස්ටර්......මම ඇසුවෙමි.........ටිකක් වෙලා දාගෙන ඉදල ගැලෙව්වට ගැටලුවක් නෑ එවෙලෙ ඉදන් ඔයාගෙ ගැහැනු බව ස්ථීර වෙනව.....එතකොට ගියසැරේ ලැබුන ගවුන් අදින්න ඕනැ නැද්ද......තවත් පැහැදිලි කර ගැනීමට ඇසුවෙමි......ආයෙත් ඒව අදින්න ඕනැ නෑ ඔයාට ඔන්නම් ඒව දිගට පාවිච්චි කරන්න. ඒ කෙන් කිසි ගැටලුවක් වෙන්නෙ නෑ....ඇය කීවාය.....එහෙනම් සිස්ටර් මම දැන්ම මේ මුද්ද දාගන්නද...මම ඇසූවිට...මම කිව්වනෙ...එපා කියල.....ගෙදර ගිහින් නිවී සැනසිල්ලෙ මේ ගැන කල්පනා කරල අවශ්‍යයනම් විතරක් මුද්ද දාගන්න.....ඇය කීවාය......මෙට ආයෙත් කවදාවත් කොල්ලෙක් බවට පත්වෙන්න ඕනෙ නෑ සිස්ටර් ඒ හින්ද මම කැමතියි සිස්ටර් අතින්ම මේ මුද්ද මගේ ඇගිල්ලට පලදනව නම්.....මා ඇගිල්ල ඇය දෙසට දිගුකර පැවසුවෙමි......මට ඕක පලදවන්න අයිතියක් නෑ.....මම කිව්ව විදියට කල්පනා කරල බලල තීරනයක් ගන්න.....පැවසූ ඇය......මම යන්නම් ඔයාට සුබ නත්තලක් වේවා......පවසා සුබපැතූ ඇය මා අසලින් ඉවත් වූවාය.....මා මුද්ද දෙසත් ඇය දෙසත් විටින් විට බැලුවෙමි.....මා නොහදුනන එම ආගන්තුක සිස්ට රෑ අදුරේ නොපනී යන අයුරු දුටුවෙමි......මේකත් මට දෙවියන් වහන්සේ එව්ව තෑග්ගක් වගේ.....කුඩා පෙට්ටිය වැසූ මම එය මා කරේ එල්ලාගෙන සිටි අත්බෑගයට දැමුවෙමි.....මේක ඇගිල්ලට දාගන්න ඉස්සෙල්ල හොදට කල්පනා කරන්න කිව්වෙ ඇයි.....මේ සිස්ටර් දෙවියන් වහන්සේගේ නියෝජිත වරියක් වීමට බැරි නැත ....ඇයට වැරදීමටද නොහැක.....මේ නිසා මේ මුද්ද ගෙදර අරන් ගිහිල්ල නිරෝෂ් ද නිරෝෂා ද වැඩියෙන් හොද කියල කල්පනා කරන්න ඕනැ......කල්පනා කරමින් මා අමාදා අසලට ගියෙමි......මොකක්ද බන් සිස්ටර් කිව්ව රහස.....අමාදා ඇසුවාය.......

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment