නත්තල් තෑග්ග(38 කොටස)..................... .........ඉරිදා උදෑසන පල්ලියට ගිය අපි ඉන් අනතුරුව ඇදුම් ගැනීමට සාප්පුවට ගියෙමු....අපිනම් මේ සාප්පුවෙන් රෙදිගන්න එන්නෙ නෑ....සාප්පුව දෙස බැලූ අමාදා පැවසුවාය....ඒ මොකද මම ඇසුවෙමි.....අම්ම කියනව මේ සාප්පුවෙ ඇදුම් ගොඩක් ගනන් කියල.....ඒ හින්ද අපි ඇදුම් ගත්තෙ පොඩි කඩවලින්......ඇය පිලිතුරු දුන්නාය.....මේ සාප්පුවෙ ලස්සන ඇදුම් තියෙනවනෙ අනේ.....මම පැවසුවෙමි.....ඒක ඇත්ත ඒව ගනන් හින්දනෙ අපිට ගන්න බැරි වුනේ......අමාදා පැවසූවිට....දැන් ගන්න පුලුවන්නෙ...අපේ තත්තනෙ වියදම් කරන්නෙ.....මම පැවසූ විට ඇය අහිංසක ලෙස සිනාසුනාය.....මාත් අමාදාත් අම්මා සමග ඇදුම් තේරීමට පටන්ගත්තෙමු. මෙවැනි සාප්පුවකට පැමින නොමැති අමාදා සතුටින් ඇදුම් තෝරන අයුරු පෙනෙන්ට තිබුනි.....කොහොමද ලස්සන ඇදුම් තියෙනවද....මා අමාදා අසලට ගොස් ඇසුවෙමි......කොයි එක තෝරගන්නද කියල හිතාගන්න බෑ අනේ.....ඒත් මේව හරි ගනන් ඇති....ඇය කීවාය....ගනන් වලින් වැඩක් නෑ ඔයාට ලස්සන ඒව තියෙනවනම් තෝර ගන්න.....මම කීවෙමි.....මා ඇදුම් කිහිපයක් තෝරාගත් අතර අම්මත් අමාදත් ඇදුම් දෙකක් පමනක් තෝරාගෙන තිබුනි......ඇයි අම්මෙ තව ගන්නකො.....මම කීවෙමි.....මේ ඇති දුවේ ගොඩක් ගන්නකොට සල්ලි වැඩියෙන් යනවනෙ.....ඇය කීවාය.....තාත්තනෙ අම්මෙ වියදම් කරන්නෙ....ගන්න....අමාදටත් තව ගන්න කියන්න.....මම කීවෙමි. තාත්තගෙ උනත් ඒතරම් සල්ලි වියදම් කරවන්න හොද නෑනෙ.....අම්මා කීවාය. අම්මා අරපිරි මැස්මෙන් කටයුතු කරන කෙනෙක් බව දැනගත් මා තාත්තා අසලට ගියෙමි.....තාත්තෙ අම්මා ලෝබ කමට ඇදුම් ගන්නෙ නෑ තව ගන්න කියන්නකො.....කීවෙමි.....අම ්මා අසලට ගිය තාත්තා.....ඔයාලට ඕනැ ඒව ගන්න සල්ලි ගැන මම බලාගන්නම්....අමාදාට ද ඇසෙන ලෙස පැවසුවේය.....අමාදාට සහ මට ගැලපෙන ඇදුම් තේරීමට අම්මා උදවුවිය.......මම මේතරම් ඇදුම් ගත්තෙ අදතමා.....වාහනයට නැග අමාදා පවසනවිට.....ගෑනුන්ට ඉතින් කොච්චර ඇදුම් තිබුනත් මදිනෙ.....ලොකු මල්ලී පැවසුවේය.....කොල්ලන්ට ඉතින් මොකටද ?...කොල්ලන්ට අපිට වගේ ලස්සන ලස්සන ඇදුම් නෑනෙ.....මම කීවෙමි.....ඒකනම් ඇත්ත....අමාදා සිනාසෙමින් කීවාය......මල්ලිත් ගැහැනු ලමයෙක් උනානම් අපිවගේ ගවුම් ගොඩක් ගනියි.....මම කීවෙමි......අපෝ මට ගෑනු ලමයෙක් වෙන්න ඕනැ නෑ......කීවේය......... මෙයා මෙහෙම කිව්වට දවසක් හරි ගැහැනු ලමයෙක් වෙලා හිටියොත් තමා ගැහැනුකමේ අගේ තේරෙන්නෙ.....මාත් ඔහොම තමා හිතාගෙන හිටියෙ....දෙවියන් වහන්සේ මාව ගැහැනු ලමයෙක් බවට පත්කලාට පස්සෙ තමා ගැහැනු ලමයෙක් වෙන එක මොනතරම් සතුටක්ද කියල තේරුම් ගත්තෙ....මෙසේ කල්පනා කල මම......අපෝ ඒ වුනාට මල්ලිල දෙන්න ගැහැනු ලමයි වෙන්න හොද නෑ....එහෙම උනොත් මේගෙදර ඔක්කොමල කෙල්ලො වෙනව....කෙල්ලො හතර දෙනෙක් ඉන්න කොට අම්මටයි තාත්තටයි ලොකු බරක් වෙයි......ඒ හින්ද මල්ලිල දෙන්න කොල්ලො විදියට හිටියාවෙ.....කෙල්ලො උන මගෙයි අමාදගෙයි ආරක්‍ෂාවට මල්ලිල දෙන්න ඉන්න එකත් හොදයි ......සිතුවෙමි.
මම නම් හිතුවෙ නෑ මට මෙච්චර ඇදුම් තොගයක් ලැබෙයි කියල......අමාදා ඇගේ ඇදුම් ටික පරීක්ෂා කරමින් ලගදී තාත්තා අරන්දුන් ඇගේ අල්මාරියේ අඩුක්කරමින් පැවසුවාය.... දුප්පතුන් ලෙස සිටි අම්මටත් අමාදාටත් දැන් කිසිම අඩිපාඩුවක් නැතත් ඔවුන් ඒනිසා කිසිම අහන්කාර ගතියක් නොපෙන්වීම මා සතුටට පත්වුනෙමි.....වෙන අයට මෙහෙම ලැබුනනම් උන්ගෙ ඔලුව ඉදිමවා ගන්නා බව මා දැන සිටියෙමි.....
මේ අතර නත්තල වෙනුවෙන් නත්තල් ගසක් නිර්මානය කිරීමට මල්ලිලා දෙදෙනා සූදානම් වන බව දුටුවෙමි. මාත් අමාදාත් ඔවුන්ට උදව්වුනෙමු.......
ගිය අවුරුද්දේ මෙන් අපි නත්තල් උදාවට පෙර රාත්රියේ පල්ලියට ගියෙමු.....පල්ලියේ න්ත්තල් පූජාව අවසන් කරන විට රාත්රී දොලහ පසුවිය.......එදිනද මා ඇඳගෙන ගියේ ගිය නත්තලට පල්ලියෙන් ලැබුනු ඇදුම්පැලදුම් විය......පූජාව අව්සානයේ මා ටික වේලාවක් මාව නිතර නිරෝෂ් බවට පත්වීමේ ගැටලුවට විශදුමක් ලබා දෙන ලෙස දනින් වැටී දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි.......යාඥා කර අවසානයේ මා නැගිටින විට සිස්ටර් කෙනෙක් සිනාමුසු මුහුනින් මා දෙස බලා සිටිනු දක්නට ලැබුනි......දුවේ මට ඔයාව පුද්ගලිකව හම්බවෙන්න ඕනැ.....අපි යමුද පොඩ්ඩක් කවුරුවත් නැති තැනකට....ඇය එසේ පැවසූ විට මට යම් බියමුසු බවක් දැනෙන්ට විය......මොකටද දන්නෙ නෑ කතාකරන්නෙ......සිස්ටර් කෙනෙක්නෙ කතාකරන්නෙ.....කමක් නෑ ගිහින් බලනව ....සිතාගත් මම ඇය සමග ගියෙමි........

No comments:
Post a Comment