
Sunday, September 4, 2016
(ඉමල්කා 13)...................................පුදුමයි මම ලියන අත් අකුරුයි ඉමල්කගෙ අත් අකුරුයි සමානයි. මට දැන් ඉමල්කට වගේ ලස්සනට අකුරු ලියන්න පුලුවන්. මම තවතවත් ලියන්ටවූවෙමි..........මාත්දැන් ඉමල්ක වගේමයි . ගතිගුන විතරයි වෙනස්....මම කල්පනා කලෙමි.මම කාමරයෙන් එලියට යන විට අම්මා අපේ ඇදුන් මදින බව දිර රෙද්ද අත්රින් දුටු මම ඇය අසලට ගියෙමි. ඔයා දැන් මේවත් ඉගෙනගන්න ඕනැ මෙච්චර කාලයක් මමනෙ මේව මැදල දුන්නෙ....අම්මා කීවාය.....දෙන්නකො අම්මෙ මම මැදල බලන්නම් ..මා පැවසූවිට ගවුම පුච්ච ගන්නෙ නැතුව මදින්න....පැවසූ ඇය මට මගේ ගවුම මැදීමට ඉඩ දුන්නාය..... ගවුමේ හැට්ට කොටස මැද්ද මම සායේ රැලි කොටස මැදීමට පටන්ගත්තෙමි.....රැලි ටික ගානට හදාගෙන මදින්න නැත්නම් රැලි අව්ල්වෙයි...මම මදින දෙස බලා සිට පැවසූ අම්මා සායේ රැලි පිලිවෙලට තැබුවාය....මම ඒවා මදින විට රැලිටික පිලිවෙලට මැදෙන බව දුටුවෙමි. මේ විදියට මැද්දහම තනියම වුනත් ගවුම මැදගන්න පුලුවන් ...මම කල්පනා කලෙමි. ටික වෙලා වක් මා මදින දෙස බලා සිටි අම්මා ඕක මහ රටාවක් නෙවේ දුවේ ඔහොම තමා මදිනෙ. ඔයාට මේතරම් වැඩ කරන්න පුලුවන්කම තියාගෙනනෙ හිතුවක්කාර කම් කර කර හිටියෙ......පරිස්සමෙන් මදින්න පැවසූ ඇය කාමරයෙන් පිටවූවාය....මම හිතුවක්කාරකම් කෙරුවෙ නෑ අම්මෙ එහෙම කලේ ඉස්සර මේ ඇග ඇතුලෙ හිටිය ඉමල්කා මිසක් මම නෙවේ.....මම හිතුවෙමි.මගේ ගවුන් ටික මැදගත් මම මල්ලිගේ ඇදුම් මදින්න පටන්ගත්තෙමි. මට තිබුනු කමිස කලිසම් මැදගෙන පුරුදුමට මෙම ඇදුම් මැදීම එතරම් අපහසු දෙයක් නොයුනි ....ඔහුගේ ඇදුම් ටික මැද අව්සන්වූ මම ඒවා පොඩි නොවනසේ නැවුවත් ..ගවුන් ටික නවන ආක්කරය නොදන්නා බැවින් ඒවා අතේ තියාගෙන අම්මා අසලට ගියෙමි.....දැන්වත් නවන හැටි බලාගන්න....පැවසූ අම්මා ගවුන්ටික පිලිවෙලට නැවුවාය......දැන් මට මේ වැඩටික තනියම කරගන්න පුලුවන් ...මා සිතුවෙමි. අම්මා උයන්න කුස්සියට යන බව දුටු මා ඇය සග ගියේ ඇයට උදවුවීමටය.....මා මදුරංග කාලයේද අම්මාට උදවුකර ඇතිනිසා කුස්සියේ වැඩ මට හොදට හුරු පුරුද්දක් තිබුනි.....මට හිතාගන්න බෑ ඔයාට මේ වැඩ එක පාරටම හුරුවුනේ කොහොමද කියල....කුස්සිය පලාතෙ ආපු නැති ඔයා කොහොමද මේ වැඩ මෙච්චර හොදට හුරුවුනේ....අම්මා ප්‍රස්නකාරීව අසන්ට විය......මම කුස්සියට ආවෙ නැතිවුනාට අම්ම කරන වැඩ බලා හිටියනෙ.....මා වෙන කෙනෙක් යැයි දැන ගනී යන බයට කීවෙමි.....බලාගෙන ඉදල හරි හුරුවුන එකත් ලොකු දෙයක්....අම්මා පැවසුවාය...මම පුතාව එක්කගෙන එන්න යනව.....තාත්තා පවසනු ඇසුනු අම්මා ඒදෙසට යනු දුටු මමත් තාත්තා අසලට ගියෙමි.....මල්ලි කොහාටද දන්නෙ නෑ යන්නෙ....මල්ලි යන දහම් පාසැල දන්නෙ නෑ කිව්වොත් මට ගැටලුවක් වෙයි...මේකට මොකක් හරි කරන්න ඕනැ හිතුව මම......අම්මෙ මාත් යන්නද තාත්ත එක්ක කීවෙමි......දුවත් එනවනම් ඉක්මනට එන්න...තාත්තා කීවේය.....මුහුන හෝද ගත්ත මම ඉක්මනට හොද ගවුමක් ඇදගත්ත මම....එලියට යනවිට....මොකද ඔය කොන්ඩෙ අවුල් කරගෙන කොන්ඩෙ පීරගෙන යන්න.....අම්මා ඉක්මනට මගේ කොන්ඩය පීරා ගැට ගැසුවාය.....මා තාත්තා සමග වාහනයට ගොඩවුනෙමි.......මාත් ඉදිරි අසුනෙන් ව්වඩුවුනේ මේ තාත්තා දැන් මගේ තාත්තා බැවිනි...මදුරන්ග විතානාරච්චි පුතනුවන්ට නිවන්සැප ලැබේවා.....මගේ චායා රූපය දැමූ කොඩියක් මගේ ගෙදර ඉදිරියෙන් තිබෙන බව දුටු මට අමුතු බියක් සමග දුකක් ඇතිවිය.. නිවස මගේ මරනයේ කටවුතුවලට සූදානම් වන අයුරුද දක්නට ලැබුනි.....මගේ අම්ම තාත්ත මාව මැරුන කියල හිතාගෙන ගොඩක් දුක් වෙනව ඇති....ඒත් මාව මියගොස් නැති බවත් මම ඉමල්කගේ ශරීරයේ ජීවත්වෙන බවත් ඔවුනට පවසන්නේ කෙසේද..... .මේ පන්සල මම හිතා හිටිය පන්සල නෙවෙයිනෙ.... ඊට එහා පන්සලනෙ .... පන්සල අසලට යනවිට තේරුම් ගත්තෙමි.....

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment