අපි ගෙදර යනවිට යන්තම් ඇදිරි වැටීගෙන එමින් තිබුනි.......මම මේ බයේ මග බලාගෙන හිටියෙ අම්මල කොහේ ගියාද කියල.....අයියා අපි රෑවෙන කොට බයවී සිටින්න ඇති බව ඔහුගේ මුහුනින් පෙනුනි......මේ දෙන්නගෙ කොන්ඩෙ කැපුවට පස්සෙ රෙදි සාප්පුවට ගියා පුතේ ඒකයි හවස්වුනේ...කියාගෙන ගේතුලට ගියාය.....අම්මටත් ඉතින් රෙදි සාප්පුවකට ගියාම ගෙවල් ගැන මතක් වෙන්නෙ නෑනෙ.....අයියා හෙමින් මුමුනන ශබ්දය මට ඇසුනි. දෙන්න එක්ක නා ගන්න නැත්නම් කෙස්කොට හැම තැනම වැටෙයි....අම්මා අපිට පවසනු ඇසුනි.....ඉස්සර මාත් සමාදිත් එකවර නා ගැනීමට නාන කාමරයට ගියත් . සමාදිගේ උත්සවයෙන් පසුව. අපිට වෙන වෙනම නා ගන්නා ලෙස අම්මා අලුත් නීතියක් පැනවීම නිසා මට සම්මාදි නාගෙන එලියට එනතුරු බලා සිටීමට සිදුවිය. පොඩි කාලෙ එක ඇදේ නිදාගත් අපි දෙන්නා අපේ වයස අවුරුදු දහය විතර වෙනකොට ඇදත් වෙන් කලා .... දැන් බාත් රූම් එකට යන්න දෙන්නෙත් නෑ.....එයා කෙල්ලෙක් මම කොල්ලෙක් නෙ ඒකතමා මේකට හේතුව....එක්කො අපි දෙන්නම කොල්ලො වෙන්න ඕනැ නැත්නම් අපි දෙන්නම කෙල්ලො වෙන්න ඕනැ .එහෙම උනානම් මේ අවුල නෑනෙ.....මම කල්පනා කලෙමි.
මට හිතෙනව බන් හැමදාම ජනිත් වගේ ඉන්න...ඒක මරු ජොලි වැඩේ බන්........එදා රෑ සමාදි මට කීවාය......මේ විකාර දොඩවන්නෙ නැතුව ඉන්නව.....අම්මගෙන් නම් යන්තම් ශේප් වුනෑකි තාත්තට අහුවුනොත් අපිව මරයි.....මම මගේ අකමැත්ත ප්‍රකාශ කලෙමි...එහෙම අහුවෙන්නෙ නෑ බන් අපි දෙන්න එක වගේ මනෙ. මම ජනිත් වගේ ඉන්නම් උඹ සමාදි වගේ හිටහන්......අනේ මට බෑ කෙල්ලෙක් වගේ ඉන්න.......මම කීවෙමි.....කොහොමත් අපි දෙන්නම අදින්නෙ උඹේ ඇදුම් නෙ උඹ ඕනැ විදියට හිටහන් මම ජනිත් විදියට ඉන්නම්.....අද උදේ ටවුමෙ ඉදන් ආව විදියට ඉම්මු.....ඇය විස්තර කරන්ට වූවාය......ඒ වුනාට ඔයාව අදුනගන්න පුලුවන්නෙ.....මම කීවෙමි....ඒ කොහොමද ....ඇය ඇසුවාය.....ඔයාගෙ කන විදල මගෙ කන විදල නෑ ....මම කීවෙමි. ඒක හොදට පේනවද ....ඇය ඇසුවාය. හොදට බැලුවොත් පේනව.....මම පැවසූ විට....ඒකට මොකද කරන්නෙ...ඇය කල්පනා කිරීමට පටන්ගත්තාය. අත් කන්නඩියක් අතට ගත් ඇය කන්පෙති දෙක පරීක්ෂා කිරීමට පටන් ගත්තාය.......මේව පේන්නෙ නැති වෙන්න වහන්න ක්‍රමයක් තියෙනවනම් වැඩේ හරි ....ඇය සෙමින් කියවනු ඇසුනි.....
සමාදිගේ සිතට යමක් වැටුනු විට එය ඉටුකර නොගෙන සීටීමේ පුරුද්දක් ඇයට නොමැති බව මා දැනගෙන සිටියෙමි. ඇයට උවමනා වී ඇත්තේ කෙසේ හෝ කොල්ලෙක් මෙන් ජීවත් වීමටය. දැන් ඇය සැර සෙන්නේ මාව බිල්ලට දී හෝ ඇගේ අරමුන ඉටුකර ගැනීමට බව මට වැටහුනි......මා මෙම උගුලෙන් ගැලවෙන්නේ කෙසේ දැයි මා නිතර කල්පනා කලෙමි....සමාදිගේ මුරන්ඩු සිතට මගේ අහින්සක සිත යටවී ඇති බව මට වැටහුනු බැවින් අක මැත්තෙන් හෝ ඇගේ යෝජනාවට කැමැත්ත දීමට සිදුවන බව මට තේරුනි.
තාත්තා ගෙදර පැමිනෙන විට තරමක් රෑ බෝවී තිබුනි.....ජනිත් මේක බෙදාගෙන කන්න.....මායැයි රැවටුනු තාත්තා සමාදිට ...පාර්සලයක් දී පැවසුවේය. බලන්නකො මහත්තය සමාදි කොන්ඩෙ කොටටම කපාගත්තනෙ....අපරාදෙ අමා රුවෙන් දිගට වවාගත්ත කොන්ඩෙ ...අම්මා තාත්තාට...හැඩුම් බරව පවසනු ඇසුනි.......

No comments:
Post a Comment