Saturday, December 15, 2018

අනතුරේ පෙරලිය 1........ මා යාන්තමට ඇස් විවරකර බැලුවෙමි. මා ඇඳක වැතිරී සිටින බවත් සේලයින් බෝතලයක් මා අසල එල්ලා එයින් මගේ අතට සේලයින් දී තිබෙන ආකාරයත් යන්තමට දුටුවෙමි.....මට මේ මොකද වුනේ.... කල්පනා කලෙමි....එහෙත් මට තවමත් තිබුනු නිදි මත ගතිය නිසා කිසිවෙකුට කතා නොකලෙමි....මා නැවත ඇහැරෙන විට රෑ බෝවී ඇතිබව දහවල් තිබුනු හිරු එලිය වෙනුවට දල්වා ඇති විදුලි බල්බ ආලෝකයෙන් තේරුම් ගත්තෙමි. මා සෙමින් වටපිට බැලුවෙමි.නාදුනන ගැහැනු කෙනෙක් මා අසල පුටුවක වාඩිවී සිටින ආකාරය දුටුවෙමි. ඇය ඇස් පියාගෙන සිටිනිසා නින්දගොස් සිටිනබව තේරුම්ගත් මා ඇයට ඇහැරවීමට නොගියෙමි......මට මේ මොකද වෙලා තියෙන්නෙ....කල්පනා කරන්ට වුනෙමි......
මා පාර අයිනේ සිටිනවිට මගේ වයසෙම වගේ ගැහැනු ළමයෙක් පාර පනිනු දුටු බවත් වේගයෙන් පැමිණෙන වාහනයක් දුටු මා ඉක්මනින් ඇය අසලට දිවගොස් ඇයව පාර අයිනට තල්ලු කල බවත්. මාව එම වාහනයේ හැපුනුබවත් මතක්විය.....ඒ හැපුන පාරට මම හිතුන මාව මැරෙන්න ඇති කියල....ඒත් පුදුමයි මම තාමත් ජීවත්වෙනව....මම දෙවියන් වහන්සේට හිතින් ස්තූතිකලෙමි.....ඒත් මගේ අත පය කොහෙන් කැඩිලද මන්ද.....මම අත් සහ කකුල් සොලවමින් පරීක්ෂා කලෙමි....මගේ හිසේ යම් වේදනාවක් දැනුනද වෙනත් ස්තානයක වේදනාවක් හෝ අනතුරක් ඇතිබවක් නොදුටු මට ඒ හැප්පුනු පාරට මේ විදියට බේරුන එක ගැන පුදුම හිතුනි.
මා ඇස්දෙක ඇරගෙන මෙසේ කල්පනා කරමින් සිටිනවිට.හදිසියේ මෙන් නින්දෙන් පිබිදුනු ගැහැනු එක්කෙනා....දැන් මොකද පුතේ.... කියල මගේ හිස අතගාමින් කතා කලා.....ඔලුව ටිකක් රිදෙනව....වෙනමොකුත් අමාරුවක් නෑවගේ.....මම කියන විට ඇය සතුටින් කාමරයෙන් පිටවුනු බව දුටුවෙමි.....මම ඇයට එසේ පවසන විට මගේ කට හඬෙහි යම් කිසි වෙනසක් තිබුනු නිසා උගුර අතගෑවෙමි...ඇගට මොකුත් නොවුනට බෙල්ලටයි ඔලුවටයි මොකක් හරි වෙලා ඇති.....මා උගුර අතගාමින් කල්පනා කලෙමි. 
සුලු වෙලාවකින් ඇය වෛද්‍යවරයෙකු සමග මා අසලට පැමිනෙනු දුටුවෙමි.......මට මොකද වෙලා තියෙන්නෙ ඩොක්ට......මම අහනකොට.....ඔයා හොද වාසනාවට බේරිලා තියෙන්නෙ...ඔලුව පාරෙ වැදිල තියෙන හින්ද තැල්මක් තියෙනව.....ඔලු කට්ටට ඩැමේජ් එකක් නෑ....ඔයාට සිහි නැති වෙලා තියෙන්නෙ ඒ ශොක් එකට.....කිව්ව ඔහු මාව තවදුරටත් පරීක්ෂාකරන්න වුනා......ලොකු ගැටලුවක් නෑ ඔහොම ටිකක් නිදාගන්න.....කිව්ව ඔහු ආපහු යන්ටවිය......මා අසල පුටුවෙන් වාඩිවුන ගැහැනු එක්කෙනා....මදෑ ඔයින් ගියා.....කියල සතුටින් හිනාවෙනව දැක්ක....ඒ කාර් එකේ වැඩුන පාරට පුදුමයි මාව මේ විදියට බේරිලා ඉන්නව.....කල්පනා කල මා.....ඒ වෙලාවෙ දෙවියන් වහන්සේ මා දිහා බලන්න ඇති.....මට සිතුනි. 
මා අසල සිටි කාන්තාව වයස හතලිස් පහක පමන පෙනුම ඇති ඉතාමත් තල එලලු ලස්සන කාන්තාවක් බව පෙනුනි. ඇය සිටි විලාසයෙනුත් ඇදගෙන සිටි ඇදුම් වලිනුත් ඇය ලෙඩුන් බලාගන්නා ආකාරයේ තැනැත්තියක් නොවනබව තේරුනි.....පල්ලියෙ පාදර් කිව්වද දන්නෙ නෑ මේ අම්මට....මට කාත් කවුරුවත් නැති හින්ද මාව බලාගන්න කියල....මම කල්පනා කලෙමි.
මගේ අම්මයි තාත්තයි හදිසියේ අපි අතරින් වෙන්වනවිට මගේ වයස අවුරුදු දොලහක් පමනවිය. මගේ ළඟම නෑදෑයන් ඈත රටවල ජීවත්වෙන නිසා අපි අතර එතරම් ඇසුරක් නොතිබුනි.මේ නිසා මට ගෙදර තනියම ජීවත් වීම ගැටලුවක්විය. .....දැන් ප්‍රියන්ත පුතාට තනියම ඔය ගෙදර ජීවත්වෙන්න බෑනෙ....ඒ හින්ද ඔයා අපිත් එක්ක මෙහාට එන්න.....අපිට පුලුවන් ඔයාට උදවු කරන්න.....පාද එහෙම කිව්වට පස්සෙ මම පල්ලියේ අනාත ලමුන්ගේ නිවසේ නැවතුනෙමි. මේ නිසා මට එතරම් ගැටලුවක් තිබුනේ නෑත.පාද්ර්ගේ උදවුවෙන් සාමාන්ය පෙල සමත්වුන අතර දැන් උසස් පෙල විභාගයට තව මාස දෙකක් පමන තිබුනි. මා මෙම අනතුරට මුහුන පෑවේ උසස්පෙල උපකාරක පන්තියට යෑමට බසයක් පැමිනෙන තුරු සිටි අවස්තාවේදීය.....මට මෙහෙමවත් දෙයක් උනත් අර ලමයටනම් මොකුත් වෙලා නැතුව ඇති....ඇයව බේරාගැනීමට හැකිවීම ගැන මගේ සිතට සතුටක් ඇතිවිය.......
මට නින්දගොස් නැවත ඇහැරෙන විට යන්තම් එලිය වැටෙමින් තිබෙනබව දුටුවෙමි.....මා අසල සිටි ගැහැනු එක්කෙනා මා අසල නොසිටි අතර මා සෙමින් ඇදේ වාඩියුනෙමි...කලව පෙදෙසේ අමුත්තක් දැනුනු බැවින් ඇදගෙන සිටි ගවුමක් වැනි ඇදුම තරමක් උස්සා බැලනවිට මුත්රා පිටවීම සදහා බෑගයක් එල්ලා ඇති ආකාරය දුටුවෙමි.....දවස් කීයක් මට සිහි නැතිවෙලා හිටියද දන්නෙ නෑ.....කල්පනා කරනවිට ගැහැනු එක්කෙනා නාන කාමරයේ සිට පැමිනෙනු දුටුවෙමු.....ඔයත් ඇහැරුනාද....මා දෙස බලා පැවසූ ඇය.....දැන් කොහොමද ඇසුවාය....දැන්නම් ලොකු අමාරුවක් නෑ....මුත්රා බෑක් එකක්ද කොහේද දාල නේද අම්මෙ......මම ඇයට අම්මේ යනුවෙන් අමතමින් ඇහුව.....නොදා පුලුවන්ද පුතේ..... ඔයා දැන් දවස් දෙකක් තිස්සෙ සිහි නැතුවනෙ හිටියෙ......ඇය කීවාය.....පල්ලියෙ පාද ආවෙ නැද්ද.....මම ඇසුවෙමි.....ඊයෙයි පෙරෙයිදයි ඇවිත් ආසිර්වාද කරල ගියා......ඇය කිව්ව....මට දැන් සනීපයි කිව්වම පාද ගොඩක් සතුටුවෙයි......මම සතුටින් කීවේමි.....අපි හැමෝටම සතුටුයි පුතේ මා අසලට ආව ඇය මගේ හිස අතගාමින් කිව්ව......මම ගැන සතුටු වෙන්න මේ අම්ම මීට ඉස්සර දැකලවත් නෑනෙ....මට සිතුනත් ......මම පාදර් ගාව ඉන්න කෙනෙක් හින්ද මෙයාට සතුටු ඇති මම කල්පනා කලෙමි....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: