සදුදා උදෙන්ම මගේ දුරකතනය නාද විය.....තරන්ග අයියා.....ඔහුගේ නම එහි වැටී තිබුනි.....මෙයාට මම එනකන් ඉන්න බෑනෙ.....දැම්ම අහන්න වගේ හදන්නෙ....පිරිමින්ගෙ හැටි ඔහොමම තමයි. හැමදෙටම කලබලයි.....කල්පනා කල මම ඔහුට කතාකලෙමි......කොහොමද කෙල්ලෙ.....ඔහු ඇසුවේය.......මේ මට කෙල්ලෙ කෙල්ලෙ කියල කතාකරන්න එපා හොදද.....මා බොරු තරහක් ගෙන කතාකලෙමි.......අප්පච්චියේ..... දැන් ඉතින් මම හිතාගෙන හිටිය ඒව ඔක්කොම ඉවරයි......ඔහු එක වරම පැවසුවේය.....ඒ මොකද.....මා කුතුහලයෙන් යුතුව ඇසුවෙමි......ඔයා ආයෙත් කොල්ලෙක් වෙලා කියල දැන්නෙ දැනගත්තෙ.....ඔහු සිනාසෙමින් කියනු ඇසුනි........ඇයි එහෙම කිව්වෙ.... ඇසුවෙමි....... ඔයාට කෙල්ල කියන්න එපා කිව්ව හින්ද මම හිතුවෙ ඔයා ආයෙත් කොල්ලෙක් වෙලා කියල.......ඔපෝ මතක් කරන්නවත් එපා ඒ ගැන ආයෙත් කොල්ලෙක් වෙන්න මට කිසි උවමනාවක් නෑ......මම කිව්වෙ කෙල්ලෙ කෙල්ලෙ කියල කතාකරන්නෙ වැඩකාරියන්ට හින්ද......ආ ඒකද හරි හරි මීටපස්සෙ මැඩම් කියල කතාකරන්නම්කො.....ඔහු කීවේය.......මට ඔයාගෙන් මැඩම් කියල අහගන්න ඕනෙ නෑ.....වෙනදවගේ නංගි හරි තිලිනි හරි කියන්නකෝ.....පැවසූ මම....ඔයා..... කැමතිමනම්..... ඉතින්.....කෙල්ලෙ කියල කතාකලත් කමක් නෑ.......අවසාන වචන කිහිපය නියම ගැහැනු ස්වරුපය ආරූඩකරගෙන ඇදිමින් කීවෙමි.......ඒක නෙවෙයි තිලිනි....දැන් ඔයා ගත්ත තීරනේ මොකක්ද......ඇසුවේය.......ආපෝ මෙයාට තියෙන හදිසිය......මට තාම අම්මගෙ කැමත්ත අක මැත්ත හරියට හම්බවුනෙත් නෑ.......දැන් තමා අහගෙන එන්න ඕනැ....මම ඇවිත් විස්තරේ කියන්නම්කෝ.......මා කීවෙමි........ඔන්න සුබ උත්තරක් ගේන්න ඕනැ......ඔහු අවසානයේ කීවාය.....හරි හරී මොකක් හරි ගේන්නම්කෝ.....කී මම ඔයාලට වගේ නෙවෙයිනෙ මට ඇදගන්න පරක්කුවෙනව.......ඊයෙ නාමල් සර් කිව්ව අද වෝඩ් විසිට් යන්න තියෙනව කියල සාරියක් ඇදන් එන්න කියල . මට සාරි අදින්න හරියට තේරෙන්නෙත් නෑ අනේ.... අම්මට කියල තමයි අන්දගන්න වෙන්නෙ.......මා කීවෙමි......අප්පා.... එහෙනම් පැයගනනක් යයි ඇදගන්න....මම තියන්නම්.....ඔහු මට සුබපතා දුරකතනය තිබ්බේය......
මා එදින ගියේ සාරිය ඇදගෙනය......මායනවිට අනිත් යෙහෙලියන්ද සාරි ඇදගෙන සිටිනු දක්නට ලැබුනි......වෙනදාට වඩා ඔවුන්තුල සුන්දර බවක් දුටුවේ සාරිය යනු කාන්තාවන් තවත් හැඩකරන වැදගත් ඇදුමක් යනුවෙන් පෙන්නුම් කරමිනි......අද මේ සැමට මාව පෙනෙන්ට ඇත්තේද මෙලෙස බව සිතමින් සතුටට පත්වුනෙමි.........තිලිනි නන්ගි ....මට අද උදේ ඔයාව මීට් වෙන්න බැරිවෙයි හවසට හම්බවෙමු......තරන්ග අයියාගෙන් පනිවිඩයක් ලැබුනු නිසා මගේ සිතට දුකක් ඇතිවිය.......මොකද බන් කෝල් එක ආව විතරයි මූන නිකන් බෙරිවෙලා වගේ ගියේ.....මා දෙස බලා සිටි අමාදා ඇසුවාය.......නෑ එහෙම දෙයක් නෑ.....පැවසූ මම දුරකත්නය අත්බෑගය තුලට දැමුවෙමි.......ඔයා හරි හැඩයි අනේ අද.....මගේ දෙපතුල සිට ඉහලට බැලූ සම්මී කීවාය........සාරිය ඇන්දම කෙල්ලො කවුරුත් හැඩවෙනව නේද අමාදා......මා සිනාසෙමින් කීවෙමි. ......හැඩයි තමයි සාරිය පටලොවගෙන ඉන්න ගියාම එපා වෙනව බන්.....සම්මී කීවාය.........මටනම් එහෙම එකක් දැනෙන්නෙ නෑ....මමනම් සාරියට ආසයි.......මා කීවෙමි.......සුද්දියො ඉතින් සරි අදින එකක් යෑ.....අමාදා සම්මි දෙස බලා කීවාය......මෙයාට අද සාරිය ඇන්දෙව්වෙ දම්මිනෙ.......අමාදා කීවාය......කෝ දම්මී...මා වටපිට බලමින් ඇසුවෙමි ...මෙයාට අන්දන්න ගිහින් එයාට අදින්න පරක්කුවෙලා තාම අදිනව ඇති........අමාදා පැවසූවිට........පවු අනේ ඒකිට උබල සපෝට් එකක්වත් දෙන්නෙ නැතුව ආව නේද.......මා අසන විටම දම්මී කඩිසරව අපි දෙසට පැමිනෙනු දුටුවෙමි.......
No comments:
Post a Comment