Monday, February 27, 2017
සීයා 22.....................................එහෙත් ඔහු නෑසුනක් මෙන් යන අයුරු මා දුටුවෙමි.....අද එනව කියල පොරොන්දුවුනාට එයා මග හරිනව වගේ......ඔහු පිටුපස නොබලා යනදෙස බලා සිටි මම කල්පනා කලෙමි......මා කනගාටුවෙන් යුතුව ඉන්දිකගේ නිවසේ දොර අසලට ගියෙමි.......එවිටම පිටුපසින් කිසියම් කෙනෙක් සිටින බව දැනුනු මම පිටිපස බැලුවෙමි. ......දෙයියනේ ....මට ඉබේම කියවුනි.......දෙයියො නෙවෙයි මේ මම......කුසල් කීවේය........ඔයා දිගටම ගියේ මොකද......මම ඇසුවෙමි......ඔයාව ටිකක් බයගන්වන්න ඕනැ කියල හිතුන......ඔහු සිනාසෙමින් කීවේය......ඇත්තටම මම බය වුනා ඔයා මාත් එක්ක ආයෙත් මාරුවෙන එකක් නෑ කියල......මම දුක් බරව කීවෙමි......ඕකට ඉතින් අඩන්න ඕනැ නෑ.....ඔයාගෙ ශරීරෙ මම ආපහු දෙන්නම්.......ඔහු කීවේය. ......සීයේ අපි ආවා....මා සීයාට කියමින් ගේ ඇතුලට ගියෙමි........සීයා පරීක්ශන කාමරේ සිටින බව දුටු අපි එයට ඇතුලුවුනෙමු.......අදත් මේ කොල්ල ආවද......කුසල් දෙස බැලූ සීයා ඇසුවේය......නෑ සීයෙ මේ ඉන්දිකා.....මම කීවෙමි......ඔව් මට තේරෙනව අදත් ඔය ලමය ඉන්දිකාගෙන් ගුටිකෑව නේද......ඇසූ ඔහු කුසල් දෙස හොදින් බලා.....කෝ අද කමිසෙ මඩ ගෑවිලා නෑ නෙ අද ගැහුවෙ අතින්ද දුවේ......ඔහු මගෙන් ඇසුවේය......නෑ සීයෙ අපි ආවේ.......මා මෙසේ කියන විටම......හා හා ඒකෙන් කමක් නෑ ගහපු තැන් වලට තෙල් ගාල ඔය ලමයව ඉක්මනට ගෙදර පිටත් කරන්න......සීයා මට කීවේය......නෑ සීයෙ මමයි කුසල්......මම කීවෙමි......මේ ලමයිනේ මගේ ඔලුව අවුල් කරන්නෙ නැතුව එලියට යනවල......ඔහු සැරෙන් කීවේය......මේ ඉන්දිකා දැන් වෙන කරන්න දෙයක් නෑ අපි ටිකක් වෙලා එලියට වෙලා ඉම්මු......කුසල් සමග කාමරයෙන් එලියට ගිය මම......මොකක්ද ඔයාගෙ සීයට වෙලා තියෙන්නෙ......මම කුසල්ගෙන් ඇසුවෙමි.......එයා වැඩක් කරන කොට ඔක්කොම බාහිර දේවල් අමතක වෙනව ඒ වෙලාවට එයා මොනව කියනවද දන්නෙ නෑ වැඩිය කතාකරන්න ගියොත් කේන්ති යනව......අපි පොඩ්ඩක් වෙලා ඉදල බලමු.......කුසල් කීවේය......මැසින් එක හදා ගත්තද දන්නෙ නෑ......මම කීවෙමි......සමහර විට හදල ඇති......හදල නැති වුනොත් අදත් අපි ඊයෙ හිටිය වගේ ඉම්මු......කුසල් කීවේය......අනේ මට බෑ අදනම් මේ විදියට ඉන්න මට ගෙදර යන්න ඕනැ.....මම අඩමින් කීවෙමි......පොඩ්ඩක් ඉවසන්නකො පොඩ්ඩ බැරිවෙන කොට ඔයා අඩනවනෙ.....මමත් මෙච්චර දවසක් කෙල්ලෙක් වෙලා හිටිය මට නම් ඔය විදියට අඩන්න බෑ....ඔයානම් කෙල්ලෙකුටත් අන්තයිනෙ....කුසල් පැවසූ විට මගේ සිතට ලැජ්ජා සහගත හැගීමක් ඇතිවිය......ටික වෙලාවක් ගතවිය සීයා කාමරයෙන් එලියට එනු දුටු අපි ඉදගෙන සිටි පුටුවලින් නැගිට්ටෙමු.....ආ මේ අපේ ඉන්දිකා ලමයනෙ.......මට ඒක මතක්වුනේ දැනුයි.......කුසල් දෙස බලා පැවසූ ඔහු......ඔහොම ඉදගන්න ලමයිනේ.....පැවසූ ඔහු අසල තිබුනු පුටුවේ වාඩිවූවේය......අපි නැවත පුටුවල වාඩිවූනමු.......අද ඔය ලමයි දෙන්නගෙ මාරුව ඇරල දෙන්න පුලුවන් වෙයි කියල මම හිතුව.......මම ගොඩක් උත්සාහ කලා ඒත් ඒක හදාගන්න බැරිවුනා.......ඒකෙ කෑලි වගයක් තියෙනව ඒව ඔක්කොම පිච්චිලා.....සමහර කෑලි මේ රටෙන් ගන්න පුලුවන් ඒත් එක කෑල්ලක් තියෙනව ඒකට පිටරට යන්න වෙනව.......ගිහිල්ලම තමයි ගේන්න වෙන්නෙ......ඒක ලක්ශ ගානක් යනවැඩක් ඉක්මනින් කරගන්න අමාරුයි......මට කනගාටුයි ලමයිනේ තව ටික දවසක් ඔය දෙන්න ඔය විදියට ඉන්න.......සීයා අපි දෙදෙනා දෙස දුක් බර මුහුනින් බලාගෙන කීවේය......ඔහුගේ එම වචන ඇසූනු මගේ මුලු සිරුරම ගිනිගත්තාක් මෙන් දැනෙන්ට විය...උගුර හිරවෙන්නාක් මෙන් දැනුනි .....මා නොදැනුවත්වම හයියෙන් ඇඩුනි......දැන් අඩන්න එපා දුවේ මම දුවව මගේම දුව විදියට බලාගන්නම් දුවට කිසි කරදරයක් වෙන්න මම ඉඩතියන්නෙ නෑ......මා අසලට පැමිනි සීයා මගේ හිස අතගාමින් කියනු ඇසුනි......අනේ කුසල් දැන් අපි මොකද කරන්නෙ.....කදුලු පුරවාගත් ඇස්දෙකෙන් යුතුව කුසල් දෙස බලා ඇසුවෙමි.......දැන් මේකට අඩල වැඩක් නෑ ඉන්දිකා.....සීය කියන විදියට කරමු......මම ඔයාගෙ ගෙදර ගිහින් ඔයා විදියට ඉන්නම් ඔයා මෙහෙ ඉන්න.......ඔහු කීවේය. සීයට ඕක හදාගන්න කොච්චර කල් යයිද.....මා ඉකිගසමින් ඇසුවෙමි.....මම පුලුවන් ඉක්මනට හදන්නම්......සීයා පැවසුවේය. ටිකවෙලාවක් කුසල්දෙස බලා සිටිමම එහෙනම් කුසල් ඔයා යන්න ඊයෙත් ගෙදර යන්න පරක්කු වුනානෙ අම්ම බලයි හැමදාම පරක්කු වෙන්නෙ ඇයි කියල......මම කුසල්ට කීවෙමි........පුටුවෙන් නැගිට්ට කුසල් .......එහෙනම් මම යන්නම් ඔයා දුක් නොවී ඉන්න......මට පැවසූ කුසල් පොත් බෑක් එක පිටේ එල්ලාගෙන මගේ ගෙදර යෑමට සූදානම් විය......ඔහු පිටුපසින් මමද ගියෙමි......ගේට්ටුව අසලට ගිය ඔහු නැවත මාදෙස බලා ඔයා දුක් වෙන්නෙ නැතුව ඉන්න මොකක් හරි අවුලක් උනොත් කෝල් කරන්න......නැවතවරක් මගෙන් සමුගත් ඔහු මගේ පිරිමි සිරුරද රැගෙන මගේ ගෙදර නවතින්න යන අයුරු.... නොපෙනී යන තුරුම බලා සිටියෙමි.......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment