මා කිහිප විටක් අන්තර්ජාල මාර්ගයෙන් ලිංගික විපර්යාස ගැන හොයා බැලුවෙමි.....මා කවදා හෝ වෛද්‍යවරියක වෙන්න හැකිවුවොත් මෙවනි අයට යම් උදවක් වෙන්න පුලුවන් වෙයි......මා කල්පනා කලෙමි.....අපේ උසස් පෙල විභාගය ලන්විය......අපි දෙදෙන මා ඒසදහා හොදින් පාඩම් කර විභාගයට මුහුන දුන්නෙමි.....ජනිත් අයියා ක්‍රීඩා වලට වැඩි කාලයක් ගත කල බැවින් ඔහු එතරම් හොදින් විභාගයට මුහුන දිය නොහැකි බව මට සැකයක් ඇතිවිය.......අපේ විභාග ප්‍රතිඵල පැමිනි පසු මාව ඉතා ඉහලින් සමත්වී තිබුනු අතර ජනිත් අයියාට එතරම් හොදින් සමත්වීමට මඔහැකි වීමගැන මා බෙහෙවින් දුක් වුනෙමි.......එහෙත් ඔහුට එතරම් ඒ ගැන හැගීමක් නොතිබුනේ ඔහුට ක්‍රීඩා කටයුතු දියුනු කරගැනීමට හැකිවන බැවිනි.......මාව වෛද්‍ය විද්‍යාලයට තේරුනු අතර.......තාත්තා පැවසුවේ ජනිත් අයියාට මිලග විභාගය සමත්වෙන ලෙසය......එහෙත් ඔහු එයට එතරම් කැමත්තක් නොමැති බව දුටුවෙමි.......
මා කොලඹ වෛදය විද්‍යාලයට ගොස් අවුරුද්දක් පමන ගත්විය......මේ කාලය වනවිට අයියාට කැඩෙට් නිලධාරීයෙකු වසයෙන් හමුදාවට බැදීමට ඉඩලැබුනි......හමුදාවෙ පුහුනු වෙන එක පනයනව බන්...උඹටනම් පොත්බලන විතරයි තියෙන්නෙ......දිනක් ජනිත් අයියා මාසමග කීවේය.....ඒකනෙ උඹටත් තිබුනෙ මම වගේ ඉගෙන ගන්නනෙ......මම කීවෙමි......මට දැන් තමා තේරෙන්නෙ....මට ඕනැ වුනේ කොල්ලෙක් වෙලා මගේ අතපයේ ශක්තිය පෙන්වන්නනෙ......ඔහු කීවේය......සුරන්ජිත් මට හමුවූයේ මේ අතරය.....ඔහු වෛද්‍ය විද්‍යාලයේ අව්සන් වසරේ සිසුවෙක් විය.......ඔහු මා හදුනා ගත්තේ වෛද්‍යය විද්‍යාලයේ දී හදුනා ගත් මගේ මිතුරියක් මගිනි......ඔහු ඇගේ අයියා වීම ඔහුව හදුනා ගැනීමට මාර්ගයක් විය.......අපේ අයිය උඹට හිත ගිහින් වගේ......සුජානි......නමින් හැදින්වූ ඇය කීවාය......සුජානි යනු රත්න පුර පලාතේ ගමක හදුනු තැන්පත් ලමයෙකු වීම මා ඇය සමග හිතවත් වීමට බල පෑ කාරනයක් විය.....ඇගේ මෙම ගතිගුන ඇගේ අයියාටත් පිහිටා ඇති බව ඔහු සමග කතාකරනවිට මට තේරුනි......අනේ මාන්ද බන් ඕව ගෙවල් වල අය දැන ගත්තම මොනව වෙයිද කියල.......මම සුජානිට පැවසුවෙමි..........ගෙවල් වලින් අවුලක් වෙන එකක් නෑ.....මොකද අපේ අයියගෙ කිසිම අඩුපාඩුවක් නැනෙ.....අපේ ගෙදර අයත් ඔයාව දැක්කම සතුටුවෙයි......මොකද රූපෙන් අඩුවක්ද......ඇය කීවාය.....ඉතින් කොහොමද බන් මම ඕව ගෙවල් වලට කියන්නෙ......මම කීවෙමි......හරි අපි ඒක පස්සෙ බලමුකො ඉස්සෙල්ල ඔයා මොකද කියන්නෙ......මගෙන් ඇසුවාය.......අනේ මන්ද බන් ......මම ලැජ්ජාවෙන් බිම බලාගත්තෙමි.......හරි හරි මට පේනව මූනෙන්ම කැමතියි කියල.....ඇය සිනාසෙමින් කීවාය........

No comments:
Post a Comment