(ජීවිතය සුන්දරයි 23).......................
ආයෙත් පෝය එන්නෙ ඊලග මාසෙ ඊට ඉස්සෙල්ල පඩි හම්බවුනාම රත්තරන් කරාබු දෙකකුයි චේන් එකකුයි සල්ලි ඉතුරුවුනොත් වලලු දෙකකුයි ගන්න ඕනැ....මම හිතාගත්ත. මට කිසිවෙකුට අහු නොවී ගවුන් අදින්න පුලුවනුනා. ඊලග පෝයට කෙල්ලෙක් වගේ සිල් ගන්න ඇත්නම් මට හිතුන....ඒකට සුදු රෙද්දක් ඕනැ....මම කඩෙන් රෙදි කෑල්ලක් අරගෙන මස්සව ගත්ත.....දිග සුදු සාය ඇදපු ගැහැනු ලමයි හිටිය හින්ද .ඒක ඇදගෙන සිල්ගන්න පුලුවන් බව මට තේරුනා.......මාමෙ මම මේ පෝයට සිල් ගන්නව...මම ජෝන් මාමට කිව්ව....ඒකනම් හොදයි කිව්ව ඔහු...ගෑනු පැත්තෙද පිරිමි පැත්තෙද සිල් ගන්නෙ....එහෙම අහල හිනාවුනා....ඇයි මාමෙ එහෙම ඇහුවෙ...මම ඇහුව....ඇයි ලමයො උඹව පේන්නෙ කෙල්ලෙක් වගේනෙ මම හිතන්නෙ නෑ උඹට පිරිමිත් එක්ක සිල්ගන්න පුලුවන් වෙයි කියල....එයා හිනාවුනා.....ඒකට මම මොකද කරන්න ඕනැ මම ඇහුව....ඔය කොන්ඩෙ කපාගෙන කරාබු දෙක ගලවගෙන පලයන්.....අනේ මාමෙ ඒකනම් මට කරන්න බෑ...මම කිව්ව....එහෙනම් ඉතින් එකයි කරන්න තියෙන්නෙ....ඔහු කිව්ව....ඒ මොකක්ද...මම ඇහුව....ඒත් ඔහු ඒකට උත්තරයක් දෙන්නෙ නැතුව හිනාවුනා....මොකක්ද කියන්නකෝ...මම ආයෙත් ඇහුව....ගෑනියෙක් වගේ සිල්රෙද්දක් ඇදන් ගියොත් හරි....කියල හිනාවුනා...ඒකත් හරි තමා....මාත් එහෙම කියල හිනාවුනා....එහෙම ඇන්දොත් මාව කෙල්ලෙක් වගේ පෙනෙයිද මාමෙ....මම ඇහුව.....අදින්න එපායෑ බලන්න. ඕව ඇන්දට පේන්නෙ නෑනෙ....මාම කිව්ව....අපෝ කෙල්ලෙක් වගේ ඇන්දොත් මෙතන ඉන්න එවුන් මට හිනාවෙයි. මුදලාලිත් මාව මෙහෙන් පන්නයි...මම කිව්ව.....මේ උඹ ඇත්තටම කෙල්ලෙක් වගේ ඇදගෙන සිල් ගන්න කැමතිද?.....පහුවදා මාම මගෙන් ඇහුව...වරදක් නෑ.....මම කිව්ව......මාමට මගේ ආශාවල් ඉවෙන් වගේ තේරිලා කියල මට හිතුන. ඕවගෙ වැඩ කරන්න ගිහිල්ල කාට හරි සැක හිතුනොත් උඹට පොලීසි ගානෙ ලගින්න වෙයි.....ඔහු මට අවවාද දුන්න....ඒකත් ඇත්ත තමා ...මම උත්තර දුන්න...මම හිතුවෙ මාම මගෙ වැඩේට උදව් කරයි කියල එයාට බය හිතිල හින්ද උදව්කන එකක් නෑ...මට දුකක් හිතුනා. මෙ මාසෙ පඩිදුන්න ගමන් ගියේ රත්රන් සාප්පුවකට කරාබු ජෝඩුවකුයි චේන් එකකුයි ගත්තම වලලු ගන්න සල්ලි ඉතුරු වුනෙ නෑ...ඊලග මාසෙ වලලු දෙකක් ගන්නව...මම ආපහු ගියා. රත්තරන් කරාබුදෙක තියාගත්තත් කනට දැම්මෙ නෑ ඒව දැම්මෙ රැට විතරයි....පෝය දවසත් ලන්වුනා....මාමෙ මම හෙට සිල් ගන්න යනව...මාමට කිව්ව...ඇත්තටම උඹ කෙල්ලෙක් විදියට සිල් ගන්න කැමතිද....මාම අදත් ඇහුව...පුලුවන්නම් කැමතියි...මම කිව්ව....කෝ ඉතින් උඹට රෙද්දකුයි හැට්ටෙකුයි නෑනෙ....මම සුදු සායකුයි බලවුස් එකකුයි ගත්ත....කරේ දාගන්න රෙද්දකුත් ගත්තද...ඇහුව....ඒකත් තියෙනව..මම කිව්ව ...........ඒ උනාට උඹේ තව අඩුවක් තියෙනව බන්....මාම කිව්ව.

No comments:
Post a Comment