ඉරාකයේ බැග්ඩෑග් නුවර සෑම් හසීම් නමින් පිරිමි ලමයෙකු ලෙස උපත ලැබූ මොහු ලන්ඩන් නුවර නීතීඥයෙකු සහ කතුවරයෙකු ලෙස ජිවත් වෙයි.1997 දී සැත්කමක් කරගත් මොහු සමන්තා නමින් කාන්තාවක් බවට පත්විය. මේ වනවිට විවාහ වී සිටි ඔහු දුවෙකුගේ සහ පුතෙකුගේ පියානන් විය.1990 ට පෙර සිටම ඔහුගේ බිරිඳ ගෙන් වෙන්වී සිටි ඔහුට මෙම සැත්කමෙන් පසු ඔහුගේ දරුවන්ද අහිමිවිය. නමුත් වැඩි කලක් යෑමට පෙර ඔහුට නැවත් පිරිමියෙකු වීමට සිතුනේ ගැහැණු කම ගැටලු සහගත යයි සිතුනු නිසාත් දරුවන් මතක් වීම නිසාත්ය. මේ නිසා 2004 වසරේදී නැවත පිරිමියෙකු විමට සැත්කම කරවාගෙන චාල්ස් නමින් ජිවත් වන්ට විය. මෙම පිරිමි ජීවිතය සාර්ථක වේ යැයි ඔහු සිතා සිටියත් වසරක් යෑමට පෙර ඔහුගේ බලාපොරොත්තු ඉටුනොවන බව පෙනීයාමෙන් ඔහු මෙම සැත්කම කරවා ගැනීම ගැන කනගාටුවට පත්වෙන බව පවසා තිබුනි. පිරිමියෙක් ලෙස උපන්කෙනෙක් සැත්කම් මගින් ගැහැණියෙක් බවට පත්වූ පසු නැවත පිරිමියෙක් විම වැඩකට නොමැති බව ඔහු තවදුරටත් පවසයි.
දැනට 58 වියේ පසුවන ඇය මෙම වසරේ මුලදීම නැවත ගැහැණියෙක් බවට පත්වීමේ සැත්කම කරවාගන්නා ලදි. මෙයට පවුම් 150000ක් පමන වියදම් වී ඇත.ඇයගේ පුතා මෙයට උදවු කල බවත් දැන් ඇය කාන්තාවක් වශයෙන් ඉතාමත්ම සතුටින් ජීවත්වෙනබව පවසයි.