Saturday, December 15, 2018


අනතුරේ පෙරලිය 2........ මා මුහුන සෝදාගැනීමට යැම සදහා ඇදෙන් බැස්සෙමි. එහෙත් හිසේ කැරකෙවීලක් දැනුනු බැවින් නැවත වාඩිවුනෙමි.....මොකද පුතේ...මගේ උත්සාහය දුටු එම අම්මා ඇසුවාය.....මුහුන හෝදගන්න...හැදුවෙ අම්මෙ....ඒත් ඔලුව කැරකෙනව වගේ.....මම පැවසුවෙමි.....පොඩ්ඩක් ඉන්න පුතේ කිව්ව ඇය බේසමකට වතුර ගෙන ඇවිත් මගේ මුහුන සෝදන්ට විය......කවුරු වුනත් මේ අම්මනම් හරිම හොදයි.....මා කල්පනාකලෙමි.....උදැසන තේ ලැබුනු මා එය පානයකර ටිකවෙලාවක් ගතවනවිට......උස මහත ප්‍රසන්න පෙනුමක් ඇති මහත්මයෙක් වයස දාහතරක පහලොවක පමන පිරිමි ලමයෙක් සමඟ අපි සිටින ස්ථානයට පැමිනෙනු දුටුවෙමි.....කොහොමද මැටිල්ඩා අපේ දරුවගෙ තත්වෙ.....ඔහු එම අම්මාගෙන් අසනවිට ඔහු මෙම කාන්තාව හදුනන කෙනෙක් බව තේරුනි......මම බයේ හිටියෙ.....දැන් පුතාට හොදයි....ඇය සතුටින් කියන අයුරු පෙනුනි.....සිනාසෙමින් මා අසලට පැමිනි ඔහු මගේ හිස අතගාන්ට විය......බයවෙන්න එපා පුතේ දැන් පුතාට හොදයිනෙ.....අනතුරුව කියන්ට විය.....මෙයාල මම මීට කලින් දැකලත් නෑ.....මෙයාල කවුද.....මා ගැටලුසහගත ලෙස කල්පනාකරන්ට වුනෙමි......පිරිමි ලමයාද මා අසල සිටියා මිස කිසිවක් පැවසුවේ නැත.......ටික වෙලාවකින් සාත්තු සේවිකාවන් දෙදෙනෙක් මා අසලට ආවාය......අද එක්ක යන්න පුලුවන් වෙයිද මිසී....පිරිමි පුද්ගලයා ඇගෙන් ඇසුවාය.....දැන් ගැටලුවක් නැති හින්ද ලොකු සර් ආවහම යන්න පුලුවන් වෙයි.....එක් තැනැත්තියක් පැවසූ අතර අපි මෙයාගෙ කැතීටරය අයින් කරන්න ආවෙ.....ඒ හින්ද පොඩ්ඩක් අයින්වෙනවද.....ඉල්ලා සිටි ඔවුන් ඇද වටේ ඇති තිරවලින් වටකර මට දමා තිබ්නු මුත්‍රා බටය ඉවත්කරන්ට විය. එය ඉවත් කලපසු එතැන තිබුනු අපහසුතාවය අඩුවිය. මා ඇද සිටියේ ගැහැනු අය අදින නයිට් ගවුමකට සමාන ඇදුමක් බව ඇග දෙස බැලූ විට දැකගන්ට ලැබුනි.....මාව පරීක්ෂා කරන්න ලෙසිවෙන්න මේවගෙ ඇදුමක් අන්දවන්න ඇති.....මා කල්පනාකලෙමි.
                                           ඔව්න් දෙදෙනා ගිය පසු මා නැවත බයෙන් මෙන් ඇදෙන් බැස්සෙමි....ඇයි පුතේ.....කාන්තාව මාව වැටෙයි කියා සැකයෙන් මගේ උරහිසෙන් අල්ලා ඇසුවාය....ආයෙ කැරකිල්ල හැදෙයිද කියල බැලුවෙ......මම කීවෙමි.....ටිකක් ඇවිද්ද මා......දැන්නම් නෑවගේ.....කීවෙමි.......එහෙනම් පුතාට ගෙදර යන්න පුලුවන්වෙයි.....පිරිමි පුද්ගලයා සතුටින් පැවසුවේය......මට කොහේද ගෙයක් මට දැන් යන්න වෙන්නෙ පල්ලියටනෙ.....මගෙ ගෙදර පල්ලිය හින්ද ඒහාට ගෙදර කියන්න ඇති..... මා කල්පනා කලෙමි.....කතා කරමින් ඇවිදිනවිට පපුවේ මස් පිඩු වෙනදාට වඩා පැද්දෙන බව දැනුනි....මා ඇදුමට උඩින් එම පෙදෙස අතගෑවෙමි.....පපුවේ ඉදිමුනු ස්වභාවයක් දැනුනි.....පපුවටත් හොද වැදිල්ලක් වැදිල තියනව ඒක තමා පපුවත් ඉදිමිල තියෙන්නෙ.......මා කිසිවක් නොකියා කල්පනා කලෙමි....පුතේ දැන් ඩොක්ට එයි ඔය ඇදුම ගලවල මේක ඇදගන්න....මට ඇදගැනීමට ඇදුමක් දී තිරය ඇද්දාය.....මා ඇය දුන් ඇදුම දෙස බැලුවෙමි එයද ගැහැනු ලමයෙකුගේ රාත්‍රී ඇදුමක් මෙන්විය......මේව ඇන්දහම ඩොක්ටට බලන්න ලෙසිනේ ඒකයි මේ ඇදුම් දෙන්නෙ.....කල්පනාකල මා ඇදසිටි ඇදුම හිසෙන් ඉවත්කලෙමි.....මා පපුව දෙස බැලූවිට පියයුරුදෙක ඉදිමී විශාල වී ඇතිබව දක්නට ලැබුනි.....වැදුනු පහරකට ගොඩක් ඉදිමිලානේ හරියට කෙල්ලෙක්ගෙ වගේ....මා එතැන අල්ලා කල්පනාකලෙමි.....එහෙත් වැදුනු ස්තානවල වෙදනාවක් නොදැනුනි.....වේදනාව අඩුවෙන්න ඩොක්ටස්ල මොනවහරි කරන්න ඇති.....සිතුව මා අලුත් ඇදුම ඇගට දාගත්තෙමි.....දැන් තව පොඩ්ඩකින් ඩොක්ට ආවම මගේ පපුවේ ඉදුමුම තාම බැහැල නෑ කියල කියන්න ඕනැ.....මා සිතාගත්තෙමි.
                               උදේ ආහාරය සදහා ඉදි ආප්ප ලැබුනු අතර දවස් දෙකකින් කුසට ආහාරයක් නොගත් නිසා වැඩිපුර නොකන ලෙස කාන්තාව පැවසූ නිසා ඉදිආප්ප පහක් පමන ගෙන නැවැත්තුවෙමි....ටික වෙලාවක් ගතවිය......ප්රධාන වෛද්යවරයා යනුවෙන් සිතිය හැකි කෙනෙක් සාත්තු සේවිකාවන් දෙදෙනෙකු සමග මා අසලට පැමිනියේය......කොහොමද තාම ඔලුවෙ වෙදනාව දැනෙනවද.....සිනාමුසු මුහුනින් ඇසුවේය.....එච්චර නෑ ඩොක්ට....ඒත්...කියා ඉතුරු ටික කීමට නොහැකිව නතරකර ගත්තෙමි.....ඇයි මොකක්ද ගැටලුව.....ඔහු ප්‍රස්නකාරීව මා දෙස බලා ඇසුවේය.......මගෙ පපුව ඉදිමිලා......මා ලැජ්ජාවෙන් මෙන් සෙමින් කීවෙමි.....එහෙම වෙන්න බෑනෙ.....කී ඔහු.....පොඩ්ඩක් බලමු කී ඔහු තිරවලින් ඇද වටකරන ලෙස සාත්තු සේවිකාවන්ට දැන්වීය.....මගේ කුසෙන් පහලට රෙද්දක් එලූ ඔහු ඇදගෙන සිටි ඇදුම උස්සා පපු පෙදෙස පරීක්ෂා කරන්ට විය......මොකුත් ගැටලුවක් නෑ ඒව නෝමල්.....පැවසූ ඔහු....අත තිබ්බම රිදෙනවද....ඇසුවේය......එහෙමනම් රිදෙන්නෙ නෑ....මා කීවෙමි.....එහෙනම් බයවෙන්න දෙයක් නෑ එහෙට මොකුත් වෙලා නෑ.....කී ඔහු ඇදුම පහත්කලේය......මෙච්චර ඉදිමිලා කියල පෙනෙද්දිත් නෝමල් කියන්නෙ කොහොමද.....සමහර විට තව දවස් කිහිපයකින් ඔය ඉදිමුම බැහැල යයි.....මා කල්පනා කලෙමි....
Transgender body swap ගේ ඡායාරූපය
අනතුරේ පෙරලිය 1........ මා යාන්තමට ඇස් විවරකර බැලුවෙමි. මා ඇඳක වැතිරී සිටින බවත් සේලයින් බෝතලයක් මා අසල එල්ලා එයින් මගේ අතට සේලයින් දී තිබෙන ආකාරයත් යන්තමට දුටුවෙමි.....මට මේ මොකද වුනේ.... කල්පනා කලෙමි....එහෙත් මට තවමත් තිබුනු නිදි මත ගතිය නිසා කිසිවෙකුට කතා නොකලෙමි....මා නැවත ඇහැරෙන විට රෑ බෝවී ඇතිබව දහවල් තිබුනු හිරු එලිය වෙනුවට දල්වා ඇති විදුලි බල්බ ආලෝකයෙන් තේරුම් ගත්තෙමි. මා සෙමින් වටපිට බැලුවෙමි.නාදුනන ගැහැනු කෙනෙක් මා අසල පුටුවක වාඩිවී සිටින ආකාරය දුටුවෙමි. ඇය ඇස් පියාගෙන සිටිනිසා නින්දගොස් සිටිනබව තේරුම්ගත් මා ඇයට ඇහැරවීමට නොගියෙමි......මට මේ මොකද වෙලා තියෙන්නෙ....කල්පනා කරන්ට වුනෙමි......
මා පාර අයිනේ සිටිනවිට මගේ වයසෙම වගේ ගැහැනු ළමයෙක් පාර පනිනු දුටු බවත් වේගයෙන් පැමිණෙන වාහනයක් දුටු මා ඉක්මනින් ඇය අසලට දිවගොස් ඇයව පාර අයිනට තල්ලු කල බවත්. මාව එම වාහනයේ හැපුනුබවත් මතක්විය.....ඒ හැපුන පාරට මම හිතුන මාව මැරෙන්න ඇති කියල....ඒත් පුදුමයි මම තාමත් ජීවත්වෙනව....මම දෙවියන් වහන්සේට හිතින් ස්තූතිකලෙමි.....ඒත් මගේ අත පය කොහෙන් කැඩිලද මන්ද.....මම අත් සහ කකුල් සොලවමින් පරීක්ෂා කලෙමි....මගේ හිසේ යම් වේදනාවක් දැනුනද වෙනත් ස්තානයක වේදනාවක් හෝ අනතුරක් ඇතිබවක් නොදුටු මට ඒ හැප්පුනු පාරට මේ විදියට බේරුන එක ගැන පුදුම හිතුනි.
මා ඇස්දෙක ඇරගෙන මෙසේ කල්පනා කරමින් සිටිනවිට.හදිසියේ මෙන් නින්දෙන් පිබිදුනු ගැහැනු එක්කෙනා....දැන් මොකද පුතේ.... කියල මගේ හිස අතගාමින් කතා කලා.....ඔලුව ටිකක් රිදෙනව....වෙනමොකුත් අමාරුවක් නෑවගේ.....මම කියන විට ඇය සතුටින් කාමරයෙන් පිටවුනු බව දුටුවෙමි.....මම ඇයට එසේ පවසන විට මගේ කට හඬෙහි යම් කිසි වෙනසක් තිබුනු නිසා උගුර අතගෑවෙමි...ඇගට මොකුත් නොවුනට බෙල්ලටයි ඔලුවටයි මොකක් හරි වෙලා ඇති.....මා උගුර අතගාමින් කල්පනා කලෙමි. 
සුලු වෙලාවකින් ඇය වෛද්‍යවරයෙකු සමග මා අසලට පැමිනෙනු දුටුවෙමි.......මට මොකද වෙලා තියෙන්නෙ ඩොක්ට......මම අහනකොට.....ඔයා හොද වාසනාවට බේරිලා තියෙන්නෙ...ඔලුව පාරෙ වැදිල තියෙන හින්ද තැල්මක් තියෙනව.....ඔලු කට්ටට ඩැමේජ් එකක් නෑ....ඔයාට සිහි නැති වෙලා තියෙන්නෙ ඒ ශොක් එකට.....කිව්ව ඔහු මාව තවදුරටත් පරීක්ෂාකරන්න වුනා......ලොකු ගැටලුවක් නෑ ඔහොම ටිකක් නිදාගන්න.....කිව්ව ඔහු ආපහු යන්ටවිය......මා අසල පුටුවෙන් වාඩිවුන ගැහැනු එක්කෙනා....මදෑ ඔයින් ගියා.....කියල සතුටින් හිනාවෙනව දැක්ක....ඒ කාර් එකේ වැඩුන පාරට පුදුමයි මාව මේ විදියට බේරිලා ඉන්නව.....කල්පනා කල මා.....ඒ වෙලාවෙ දෙවියන් වහන්සේ මා දිහා බලන්න ඇති.....මට සිතුනි. 
මා අසල සිටි කාන්තාව වයස හතලිස් පහක පමන පෙනුම ඇති ඉතාමත් තල එලලු ලස්සන කාන්තාවක් බව පෙනුනි. ඇය සිටි විලාසයෙනුත් ඇදගෙන සිටි ඇදුම් වලිනුත් ඇය ලෙඩුන් බලාගන්නා ආකාරයේ තැනැත්තියක් නොවනබව තේරුනි.....පල්ලියෙ පාදර් කිව්වද දන්නෙ නෑ මේ අම්මට....මට කාත් කවුරුවත් නැති හින්ද මාව බලාගන්න කියල....මම කල්පනා කලෙමි.
මගේ අම්මයි තාත්තයි හදිසියේ අපි අතරින් වෙන්වනවිට මගේ වයස අවුරුදු දොලහක් පමනවිය. මගේ ළඟම නෑදෑයන් ඈත රටවල ජීවත්වෙන නිසා අපි අතර එතරම් ඇසුරක් නොතිබුනි.මේ නිසා මට ගෙදර තනියම ජීවත් වීම ගැටලුවක්විය. .....දැන් ප්‍රියන්ත පුතාට තනියම ඔය ගෙදර ජීවත්වෙන්න බෑනෙ....ඒ හින්ද ඔයා අපිත් එක්ක මෙහාට එන්න.....අපිට පුලුවන් ඔයාට උදවු කරන්න.....පාද එහෙම කිව්වට පස්සෙ මම පල්ලියේ අනාත ලමුන්ගේ නිවසේ නැවතුනෙමි. මේ නිසා මට එතරම් ගැටලුවක් තිබුනේ නෑත.පාද්ර්ගේ උදවුවෙන් සාමාන්ය පෙල සමත්වුන අතර දැන් උසස් පෙල විභාගයට තව මාස දෙකක් පමන තිබුනි. මා මෙම අනතුරට මුහුන පෑවේ උසස්පෙල උපකාරක පන්තියට යෑමට බසයක් පැමිනෙන තුරු සිටි අවස්තාවේදීය.....මට මෙහෙමවත් දෙයක් උනත් අර ලමයටනම් මොකුත් වෙලා නැතුව ඇති....ඇයව බේරාගැනීමට හැකිවීම ගැන මගේ සිතට සතුටක් ඇතිවිය.......
මට නින්දගොස් නැවත ඇහැරෙන විට යන්තම් එලිය වැටෙමින් තිබෙනබව දුටුවෙමි.....මා අසල සිටි ගැහැනු එක්කෙනා මා අසල නොසිටි අතර මා සෙමින් ඇදේ වාඩියුනෙමි...කලව පෙදෙසේ අමුත්තක් දැනුනු බැවින් ඇදගෙන සිටි ගවුමක් වැනි ඇදුම තරමක් උස්සා බැලනවිට මුත්රා පිටවීම සදහා බෑගයක් එල්ලා ඇති ආකාරය දුටුවෙමි.....දවස් කීයක් මට සිහි නැතිවෙලා හිටියද දන්නෙ නෑ.....කල්පනා කරනවිට ගැහැනු එක්කෙනා නාන කාමරයේ සිට පැමිනෙනු දුටුවෙමු.....ඔයත් ඇහැරුනාද....මා දෙස බලා පැවසූ ඇය.....දැන් කොහොමද ඇසුවාය....දැන්නම් ලොකු අමාරුවක් නෑ....මුත්රා බෑක් එකක්ද කොහේද දාල නේද අම්මෙ......මම ඇයට අම්මේ යනුවෙන් අමතමින් ඇහුව.....නොදා පුලුවන්ද පුතේ..... ඔයා දැන් දවස් දෙකක් තිස්සෙ සිහි නැතුවනෙ හිටියෙ......ඇය කීවාය.....පල්ලියෙ පාද ආවෙ නැද්ද.....මම ඇසුවෙමි.....ඊයෙයි පෙරෙයිදයි ඇවිත් ආසිර්වාද කරල ගියා......ඇය කිව්ව....මට දැන් සනීපයි කිව්වම පාද ගොඩක් සතුටුවෙයි......මම සතුටින් කීවේමි.....අපි හැමෝටම සතුටුයි පුතේ මා අසලට ආව ඇය මගේ හිස අතගාමින් කිව්ව......මම ගැන සතුටු වෙන්න මේ අම්ම මීට ඉස්සර දැකලවත් නෑනෙ....මට සිතුනත් ......මම පාදර් ගාව ඉන්න කෙනෙක් හින්ද මෙයාට සතුටු ඇති මම කල්පනා කලෙමි....
Transgender body swap ගේ ඡායාරූපය